දැය දිනවන වැඩපිළිවෙලකට සූදානම් වෙන්න සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ 70 වැනි සංවත්සර වැඩසටහන අමතමින් අද (2) පැවසීය. 02 September 2021
වයස 18ට වැඩි සියලු දෙනාට අද සිට එන්නත් රටපුරා වයස 18-30 අතර පිරිස් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම පළමු වරට දිස්ත්‍රික් මට්ටමින් අද (2) ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. 02 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,773ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,773 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 02 September 2021
හමුදාවට ෆයිසර් දීම ගැන වෛද්‍ය සංගමයෙන් දෝෂාරෝපණයක් ෆයිසර් එන්නත් යුදහමුදාවට ලබාදී විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව විවිධ ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට ලබාදීම අනුමත නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි . 02 September 2021
මුද්‍රා තැබූ වී කිලෝ ලක්ෂ 90 සතොස හරහා ජනතාවට උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ලියාපදිංචි නොකළ වී ගබඩා 52 කින් පසුගිය සති කීපයේදී සොයාගැනීමෙන් පසුව මේ වන විට මුද්‍රා තබා ඇති වී මෙට්‍රික්ටොන් 9000 ක් හෙවත් වී කිලෝ ලක්ෂ 90 වී අළෙවි මණ්ඩලය ලබාගෙන සහල් කර සතොස හරහා ජනතාවට සහන මිල ලබා දෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය. 02 September 2021
අක්කරේපත්තුවේ වී ගබඩාවකට සීල් තියයි අක්කරේපත්තු ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ ගබඩාවකින් වී මෙට්‍රික්ටොන් 585 ක් හෙවත් වී කිලෝ 585,000 ක් අද (02) පස්වරුවේ සොයාගත් බවත් එම වී ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය. 02 September 2021
හිටපු ජනාධිපතිනිගෙන් පවුල් 175කට වියළි ආහාර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කොළඹ නගරයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 175ක් සඳහා වියළි ආහාර මලු පරිත්‍යාග කරනු ලැබුවාය. 02 September 2021
ලොව අංක එකේ වනජීවී ඡායාරෑප තරගයෙන් ලාංකිකයින් දෙදෙනෙකුට ජයග්‍රහණ දෙකක් ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා - 2021 (bbc wildlife photographer of the year 2021) තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ ඇගයුමට ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරෑප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරෑප ශිල්පියෙකුට සමත් වී ඇත. 02 September 2021
පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ගලක් මතුපිට අඹු සැමියන් ලෙස හැසිරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 02 September 2021
ඔක්සිමීටර් සඳහා උපරිම සිල්ලර මිලක් ඔක්සිමීටර් සඳහා රුපියල් 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තීරණය කර ඇත. 02 September 2021
මහජන ආධාර ගන්න දිගු පෝලිම් අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් අද 02 ග්‍රාන්ඩ්පාස් තැපැල් කාර්යාලයේදී ලබා දීම සිදු කළේය. 02 September 2021
තවත් සීනි ගබඩාවකට සීල් තියයි කුරුණෑගල, උයන්දන ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 165 ක් හෙවත් කිලෝග්‍රෑම් 165,000 ක් අද (02) පස්වරුවේ බාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය. 02 September 2021
බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. 02 September 2021
කෝටි 288 කුඩුවල අයිතිකරු හඳුනා ගනී බේරුවල මුහුදු තීරයේදී ටෝලර් යාත්‍රාව සමඟ පොලිසිය භාරයට ගත් රුපියල් කෝටි 288 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයේදී භාරගැනීමට සිටි පුද්ගලයා කවුදැයි හඳුනා ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය 02 September 2021
සතොස ඉදිරිපිට දිගු පෝලිම් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්ට පාලන මිලක් පැනවීමට රජය තීරණය කිරීමත් සමග සතොස හා සමුපකාර අලෙවිසල් අද දිගු පොලිම් දක්නට ලැබිණි. 02 September 2021
පිහියකින් ඇන තරුණයෙක් ඝාතන කිරීමේ සිද්ධියට අයෙක් අල්ලයි අලුත්ගම ගනේගම පූර්වාරාම පාරෙදි තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි 24 හැවිරිදි ප්‍රධාන සැකකරු අලුත්ම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයේ සැඟව සිටියදී අද (2 ) අත්අඩංගුවට ගත් බව කියයි. 02 September 2021
කාන්තාවන් රැවැටු අනංගයා පොලිස් දැලේ කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මුදල් වංචා කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් වසර දෙකක් තිස්සේ සොයමින් සිටි හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 02 September 2021
රිජ්වේ රෝහලෙන් සුබ ආරංචියක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 95ක් දක්වා පහත බැස ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය. 02 September 2021
පැය 24 කදී දකුණු පළාතෙන් ආසාදිතයින් 1055 ක් දකුණු පළාතෙන් ඉකුත් පැය 24 ක කාලය තුළදි නව කොවිඩ් ආසාදිත රෝගින් 1055 දෙනෙකු හමුවි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. 02 September 2021
බදින තුවක්කුවට අලි පැටවා බිලි වන සතුන් ඝාතනය කිරිම සදහා දඩයක්කරුවෙකු විසින් අටවන ලද බදින තුවක්කුවක් පත්තු විම නිසා වයස අවුරුදු තුනක අලි පැටවෙකු මිය ගොස් සිටියදි අලුත්වැව වැව් බැම්ම පාමුල ආසන්නයේදි සොයාගත් බව වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අඩවි වන නිලධාරි කාර්යාලය කියයි. 02 September 2021
සෞඛ්‍ය බලධාරීන් හදන්නේ අලුත් ඇමැතිත් ’’ෆේල්’’කරන්න ජනතාවට ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් මර්දනය කිරීම නතර කොට කොරෝනා මර්දනයට එකතු වෙන්නැයි සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 02 September 2021
ඔක්සිජන් සැපයීම ගැන නිතර සෙවිල්ලෙන් දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය වන ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කිරීමට තීරණයක් ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 02 September 2021
කල්කිරියාව හොඳ සිරකරුවන් 24ක් ගෙදර යවයි දීර්ඝකාලයක් දඬුවම් විඳිමින් බන්ධනාගාරය තුළ යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනකු බලපත්‍ර මත නිදහස් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. 02 September 2021
ගල්ඔය රක්ෂිතයේ නිධන් හැරූ හතක් මාට්ටු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හබරණ ගල්ඔය රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් 07 දෙනකු නිදන් හෑරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සමඟ අද අලුයම අත් අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 02 September 2021
'1940' දකුණු පළාතේ ද ක්‍රියාත්මකයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සහ කළමනාකරණය කිරීමේ ක්රමවේයේ ’’1940 පණිවුඩ සේවාව’’ අද (2) සිට දකුණු පලාතේද ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 02 September 2021
කොරෝනා පැතිරීම ප්‍රබලයි:හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින්න කොවිඩ් පැතිරීම ප්රබලව සිදුවන හෙයින් හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් එළියට යන අවස්ථාවේදී ’’ෆේස් ෂීල්ඩ් ’’ ආවරණයක් පැළඳීමද ඉතා වැදගත් බවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 02 September 2021
’ ශ්‍රිලනිප රූස්ස ගස කපා දමන්න බැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූක්ෂ ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නීය. 02 September 2021
කොරෝනා මඩින්න සජබෙ පහන් දල්වයි පැතිරෙන කොරෝනා වසංගතය පාලනය වේවා යන පැතුම පෙරටු කර ගනිමින් ජීවිත අහිමි වූ සියලු දෙනා අනුස්මරණය කිරීමට හෙට (03) පස්වරු හයට සෑම නිවසක් තුළම පහනක් දල්වන මෙන් සමගි ජනබලවේගය සියලූම රටවැසි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 02 September 2021
වවුනියාව නොච්චිකුලම ගම්මානයක 26 කට කොරෝනා වවුනියාව නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ගම්වාසීන් 26 දෙනෙකු කොවිඩ් 19 වෛරස ආසාදිතව හදුනාගත් බව වවුනියාව දකුණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 02 September 2021
පැය 24 කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1726 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත. 02 September 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026