නිවෙසක් බිඳ රන්බඩු සොරාගත් තිදෙනකු අත්අඩංගුවට යාපනය බ්‍රවුන්ස් පාරේ නිවෙසක් බිඳ රුපියල ලක්ෂ 24 ට ආසන්න රන්බඩු සොරාගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2022
සුරූපී කත ව්‍යාපාරිකයාගේ පවුම් 39 පැහැරගනී සුරුපී කාන්තාවක් කඩුවෙල කෝටිපති ව්‍යාපාරිකයකු ඉංගිරියෙ හෝටලයකට ගෙන්වා මත් දියරයක් බොන්නට දී සිහිසුන් වූ පසු ඔහු සතුව තිබූ පවුම් 39 බර රන් ආභරණ සොරාගෙන ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී ජීප් රථයෙන්ම පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 21 February 2022
අද පැය 2ක් විදුලි කප්පාදුවක් රට පුරාම කාණ්ඩ 11 ක් යටතේ අද (21) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරයි. 21 February 2022
මැතිසබයේ තවත් 11 කට කොවිඩ් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21) හමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 21 February 2022
දිවුලපිටිය හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය සාම්ප්‍රදායික සහ ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25 ක් වැයකරකරමින් සංවර්ධනය කළ දිවුලපිටිය, හුණුමුල්ල හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත්කළේය. 21 February 2022
නිමල් ලන්සාගෙන් හෙට මැතිසබයට ප්‍රකාශයක් සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී හෙට ප්‍රකාශයක් කිරීමට නියමිතය. 21 February 2022
බ්‍රිතාන්‍ය කුණු බහලුම් නැවත යවයි බ්‍රිතාන්‍යයෙන් මෙරටට ඒවා තිබූ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අපද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයේ අවසාන බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායේදී අද (21) පෙරවරුවේ නැව්ගත කළේය. 21 February 2022
කොටපොල සමුපකාර සම්තියේ විරෝධතාවක් කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ කල් ඉකුත් වී ඇති දූෂිත සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වහා ඉවත් කොට ඉකුත් දෙසැම්බර් මස පැවැත්වූ කාරකසභා නිලවරණයෙන් තේරී පත් වූ මහා සභිකයින් ගෙන් යුත් මහ සභාව කැදවා නව අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන ලෙසට බල කරවමින් පැවැත් වූ විරෝධතාවක් අද (21) කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතිය ඉදිරිපිට පැවැත්විණි . 21 February 2022
ජනපති නිප්පොන් සැමරුමටත් යයි ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැත්විණ. 21 February 2022
වනජීවි ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ව්‍යාපෘතිය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 21 February 2022
බූස්ටරය තදින්ම වැදුණු පසු සෞඛ්‍ය නීති ක්‍රමයෙන් ඉවතට ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමට පැමිණි පසු සෞඛ්‍ය නීති ක්‍රමානුකූලව ඉවත් කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 21 February 2022
මැතිවරණ පැවැත්වූවත් ඒ සඳහා සූදානම් කුමන අවස්ථාවක මැතිවරණ පැවැත්වූවත් ඒ සඳහා සූදානම් වන ලෙස සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයින් වෙත උපදෙස් ලබා දී තිබේ. 21 February 2022
ඔළුව ඔල්මොරොන්දන්වන රජයේ වෙබ් අඩවි ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය. 21 February 2022
ඕ.අයි.සීගේ මාස්ක් එක ගලවන්න ගිය ගායකයාට මාංචු රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ කළ බව කියන ප්‍රසිද්ධ රැප් ගායකයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 21 February 2022
කමාන්ඩෝ භටයෝ 157 ක් විසිර යති ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකු කමාන්ඩෝ නිල ලාංඡන සහ ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ විසිරයාමේ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. 21 February 2022
ගැඹුරු මුහුදේදී අසනීප වූ ධීවරයා නිරුපද්‍රිතව ගොඩට ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් එකසිය 115 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දැඩි ලෙස අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දක්ෂිණ නාවික හමුදා කදවුරේ නිලධාරීන් අද (21) පියවර ගත්තේය. 21 February 2022
අලෙවි කර මුදල් ලබාගෙන බව පවසා ලක්ෂ 860 ක වාහන වංචා කළ සැකකරුවෙක් දැලේ අලෙවි කර මුදල් ලබා දෙන බව පවසා වාහන හිමිකරුවන් තිදෙනකුගෙන් රුපියල් ලක්ෂ 860 ක වාහන තුනක් ලබාගෙන වංචා කළ සැකකරුවෙක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2022
මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි තිදෙනකු දැලේ මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසක දි අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි . 21 February 2022
මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් මස් සමඟ මාට්ටු මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී දඩයමේ ගොස් සිටි සැකකරුවන් පස් දෙනකු දඩයම් කළ සතුන් ගේ මස් කිලෝ 50 ට ආසන්න ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2022
SABEA සම්මාන ත්‍රිත්වයක් පොට්ෆෝර්ම් සමාගමට ප්ලාස්ටික් හා කඩදාසි ඇසුරුම් ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන සීමාසහිත පෙට්ෆෝර්ම් පෞද්ගලික සමාගම දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2021 SABEA සම්මාන උළෙලේ දී නිෂ්පාදන කාණ්ඩයේ වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරියා, විශිෂ්ටම නවෝත්පාදී ඇසුරුම් නිෂ්පාදක සමාගම, අර්බුදකාරී අවස්ථාවේ දී සැපයූ විශිෂ්ටම ව්‍යාපාර නායකත්වය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. 21 February 2022
පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාවට CA Sri Lanka ගෞරවනීය සම්මානයක් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමක් CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී’ තවත් ගෞරවණීය සම්මානයක් දිනා ගැනීමට පසුගිය දා සමත් විය. 21 February 2022
සහන මිලකට වතුකම්කරුවන්ට තිරිගුපිටි රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහසක් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාදාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩසටහන යටතේ බගවන්තලාව බොගවාන වතු යායේ වතු කම්කරු පවුල් වෙත තිරිගු පිටි ලබාදිම එම වතු යායේ පාලන අධිකාරිය අද (21) දින සිදු කළහ. 21 February 2022
‘විදුලි කප්පාදුව දෛනිකව තීරණය කරන්න බෑ‘ විදුලි කප්පාදුව පිළිබඳ තීරණය කිරීම දෛනිකව කළ නොහැකි කටයුත්තක් බවත් කප්පාදුව පිළිබඳ සැලසුම් සහගත තීරණයකට බලධාරීන් හැකි ඉක්මනින් මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 21 February 2022
අංශභාගය රෝගය ගැන ඔබත් දැනුවත්ද? ලංකාවේ සිදුවන මරණවලට බලපාන හය වැනි ප්‍රධාන හේතුව ආඝාතය හෙවත් අංශභාගයයි. එමෙන්ම ආබාධිත වීමට හේතු වන පස්වැනි කරුණත් ආඝාතයයි. 21 February 2022
වික්ටෝරියා පතුලටම සිඳෙයි මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් තිබේ. 21 February 2022
රත්මලානේ රොහාගේ මස්සිනා පිහි පහරින් මරුට පොලිස් වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලාන රොහාගේ මස්සිනා රත්මලාන රස්ටම් වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 21 February 2022
පළාත් කිහිපයකට අදත් වැසි නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන අතර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 February 2022
අනුලා චෛත්‍යයෙන් සර්වඥ ධාතු සමග පලිඟුවක් මතු වෙයි ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගුවලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සදහන් කළහ. 21 February 2022
පුහුණු වෙන්න ගිය මෝටර් රථය ඔයට පෙරළෙයි මහනුවර රන්දෙණිගල මාර්ගයේ කිවුල් ළිඳ හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටී තිබේ. 21 February 2022
තෙල් මිල වැඩි කරන්නම ඕනෑ පවතින මූල්‍යමය තත්වය අනුව ආණ්ඩුව තෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය. 21 February 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026