ලංකා-තුර්කි ගුවන් ගිවිසුම සංශෝධනයට ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අත්සන් කරනු ලැබ ඇති ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 June 2026
බේස්ලයින් පාරේ අවතැන් අයට සරසවි උයනෙන් ගෙවල් බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර III ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිසා බලපෑමට ලක් වන අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 June 2026
අලි -මිනිස් ගැටුම නවතන්න ක්‍රියාකාරී සැලැස්මක් අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 June 2026
ඊ.පී.එෆ් -ඊ.ටී.එෆ් ඒකාබද්ධ පාලන රාමුවකට සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 June 2026
යෝෂිතගේ පෙත්සමේ විභාගය අවසන්:තීන්දුව ජූලි 3 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ’’කුමන්ත්‍රණය’’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනි දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය. 16 June 2026
අයවැය අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 June 2026
ආසියා සංවර්ධන බැංකුව දෙන ණය ඉහලට ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් - 2026 යටතේ ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලබන ණය මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 June 2026
මින්නේරිය ගොවීහු සහන ඉල්ලා පාරට බසිති පහත වැටී ඇති වී මිල ඉහළ දමා ගොවීන්ගේ වී අස්වනු ඉහළ මිලකට අළෙවි කිරීමට මැදිහත් වන ලෙසට හා ඉහළ ගොස් ඇති පොහොර මිල පහත හෙලීම සඳහා රජය වහා මැදිහත්ව කටයුතු කරන ලෙසට මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීහු විශාල පිටිසක් අද දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 16 June 2026
හිටපු අටමස්ථානාධිපති DNA පරීක්ෂණයකට බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සදහා නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) කොළඹ රසපරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූහ. 16 June 2026
රාජ්‍ය ව්‍යවසාය වැඩ වලදී ආණ්ඩුව හොඳටම ෆේල් රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය කාබාසිනියා කරමින් පාඩු ලබන්නට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසයි. 16 June 2026
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නැයි හිටපු ජනපති ගෝඨාභයගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළේය. 16 June 2026
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ බලාගාරයට යයි 2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ඇතුළු විමර්ශන නිලධාරීහු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කළහ 16 June 2026
සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහල බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය තුළදී පොලිස් සැරයන්වරයකු සන්තකේ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කොස්තාපල්වරයකු තුවාල ලබා ලබා රෝහල් ගත කළ බව බ්ලූ මැන්ඩල් පොලිසිය සඳහන් කරයි. 16 June 2026
පොලිසියට ඔත්තු දුන්නැයි කුරුඳුකාර්මිකයාගේ කට කපලා තමාට විරුද්ධව පොලීසියට ඔත්තු දුන්නේ යැයි කියමින් කුඩු ජාවාරම්කරුවකු කුරුඳුකාර්මිකයකුගේ කට තියුණු ආයුදයකින් කපා තිබියදී ඊයේ (15) පස්වරුවේදී රෝහල් ගත කිරීමට සිදුවූ බව කරන්දෙණිය පොලීසිය කියයි. 16 June 2026
සමන් කොල්ලාගේ කුඩු තබා ගත් කොල්ලෙක් මාට්ටු ප්‍රබල පාතාල ක්‍රියාකරුවකු බව කියන සමන් කොල්ලාගේ මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවකු රුපියල් ලක්ෂ පහක මත් කුඩු තොගයක් සමග අම්බලන්ගොඩ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 16 June 2026
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ පත් කරයි විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස අද (15) රාජකාරි කටයුතු ආරම්භ කළේය. 16 June 2026
කුඩු ගසා බස් එළවූ අටක් රත්නපුරෙන් මාට්ටු මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් ධාවනය කළ රියැදුරන් අට දෙනකු රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ පරීක්ෂාවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. 16 June 2026
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 June 2026
උදය, විමල්, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ නඩු! හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (15) දැනුම් දුන්නේය. 15 June 2026
විගණන කන්තෝරැවේ හිස් පුටු 250ක් පුරවයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 250 ක් සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර ඇත. 15 June 2026
පළමු කාර්තුවේදී 5.1%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 5.1 ක ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 15 June 2026
CGR සයිබර් ප්‍රහාරයට පැය 20යි:තවමත් වැඩ නෑ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ‘සයිබර්’ ප්‍රහාරයක් එල්ල වී පැය 20 කට ආසන්න කාලයක් ගතවී තිබුණ ද එය යථාතත්වයට පත්කිරීමට නොහැකි වී තිබේ. 15 June 2026
මිල සූත්‍රයෙන් වී මිල තීන්දු කරන විදිය රටට කියන්න රජය වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් එම ස්ථාවර මිල සූත්‍රය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙලෙසද යන්න දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 15 June 2026
ශාන්ගේ පුද්ගලික ලේකම්ට ඇප පළාත් සභා මැතිවරණය ඔන්න මෙන්න තිබියදී රජයේ ප්‍රශංපාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්දියේදී රජයේ නිලධාරීන්ට බලපෑම් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ පුද්ගලික ලේකම් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (15) නියෝග කළේය. 15 June 2026
කේතය ඉල්ලුවාම පොම්පකරුට පන්න පන්න පහරදීලා ඉන්ධන ලබා ගැනිමට මදුරන්කුලිය 10 කනුව ඉන්ධන හලට පැමිණි යතුරු පැදිකරුවකුගෙන් කිව්.ආර් .කේතය ඉල්ලා සිටියදී පොම්ප ක්රීයාකරුට එළව එළවා පහර දී ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි. 15 June 2026
පාසල් වෑන් පෞද්ගලික බස් ගැටී 17 ක් රෝහලට පාසල් දරුවන් ප්රවාහණය කළ වෑන්රියක් සහ මගී ප්‍රවාහන පෞද්ගලික බසයක් මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්නේදී අද දහවල් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පාසල් වෑන්රියේ ගමන් කළ දරුවන් 17 දෙනකු තුවාල ලබා ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. 15 June 2026
’’ආණ්ඩුව බොරු කතා කියමින් ඡන්දය මග හරිනවා’’ පළාත් සභා මැතිවරණය පිළිබඳව පරස්පර විරෝධි කතා කියමින් ඒ මැතිවරණයෙන් පලා යෑමට ආණ්ඩුව උත්සහ කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. 15 June 2026
සාම ගිවිසුම් අතරේ තෙල් බිල පහළ බහී ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් සඳහා වන මූලික ගිවිසුමකට දෙපාර්ශ්වය එකඟ වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය කසෙම් ගරිබාබාඩි ප්‍රකාශ කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද සියයට 5කින් පමණ පහළ ගියේය. 15 June 2026
හෙලිකොප්ටර් දෙකක් එකිනෙක හැපිලා බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයට ඉහළින් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 6 කි. එක් හෙලිකොප්ටරයක පස් දෙනකු සිටි අතර අනෙක් හෙලිකොප්ටරයේ වූයේ එහි නියමුවා පමණි. 15 June 2026
ට්‍රම්ප්ගේ උපන් දිනය දා ධවල මන්දිරයේ ‘සටනක්’ ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය සහ ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන්, ධවල මන්දිර ගෙවත්තේ මිශ්‍ර සටන් තරගයක් පැවැත්විණි. 15 June 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026