චන්ද්රිකා වසර පහකට පසු මහ ගෙදරට හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණියාය. 06 May 2024
ලංගම බසයේ රෝදය ගැලවේ හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිගේ ගියත් කිසිවකුටත් හානියක් සිදු නොවුනේ පෙර පිනකට යැයි නගර වාසීහු පවසති. 06 May 2024
හොරණ වෙඩි ප්රහාරයේ ගිනි අවියත් සොයා ගනී හොරණ ග්රේස්ලන්ඩ්වත්ත ප්රදේශයේ දී ව්යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 06 May 2024
රණවිරු සැමරුම් කොඩිය ජනපතිට රණවිරු සැමරුම් මාසය ප්රකාශයට පත් කරමින් ප්රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 06 May 2024
අ‘පුර විරෝධතාකරුවන්ට ඇප අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් 23 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 06 May 2024
බ්රිතාන්යයේ ඉන්දු පැසිපික් අධ්යක්ෂ අනුර හමුවෙයි බ්රිතාන්යයේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි. 06 May 2024
පාතාලයකුගේ ගෝලයෝ ව්යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්යාපාරිකයකුගේ නිවසක් ඩ්රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි. 06 May 2024
’’බන්ඩි’’ගන්න සල්ලි හෙට සිට යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. 06 May 2024
සා.පෙළට ආශිර්වාද ගන්න ගිය සිසුවා මරුට සාමාන්ය පෙළ විභාගයට පෙනි සිටින බලන්ගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේදි ක්ලාන්තය තත්ත්වයක් ඇති වී ඇඳ වැටි අද (06) දා උදැසන මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය. 06 May 2024
කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්රනාන්දු නොහොත් සිඟිති නැමති ප්රධාන සැකකරු අධිකරණයට බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය. 06 May 2024
T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම් ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මුණගැසී සුබ පැතුවාය. 06 May 2024
පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක් ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 May 2024
පරාතේ තහනම් නීතිය හෙට මැතිසබයට ණය ගෙවීම ප්රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට(7) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය. 06 May 2024
දරුවන් දෙදෙනා ප්රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ් තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්ය සේවක නිවාස සංකීර්ණයේ නිවසක කාමරයක් තුළ සිට කුඩා දරුවන් දෙදෙනා ප්රාණ ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්රාත් රජීන්ද්රා ජයසූරිය මහත්මිය අද (06) දින නියෝග කලාය. 06 May 2024
වයස අවු. 40 ට වැඩි නම් ප්රෙෂර් බලාගන්න වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන තත්ත්වයක්. 06 May 2024
කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්රතිස්ථාපනය කිරීමේ ව්යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් කටයුතු කරයි. 06 May 2024
වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්රකාශයක් වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී, එය සජිවිලෙස නරඹමින් ඇමතිවරයාගෙන් ඇසියයුතු ප්රශ්න දිගින් දිගටම මාධ්යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්යංශය පවසයි. 06 May 2024
සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක විශ්වවිද්යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්රියාත්මක කරන බව විශ්වවිද්යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා අද (6) පැවසීය. 06 May 2024
උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අද(6) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 06 May 2024
වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 06 May 2024
විශ්රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට් විශ්රාම ගිය රාජ්ය නිලධාරින් පළාත් රාජ්ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්ර ලබාදීමට රජය තීරණය කර ඇත. 06 May 2024
රට යවන ශාකවලට ගාල්ලෙන් සහතික දෙන තැනක් විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්රිත නිශ්පාදන යැවීමේ දී අවශ්ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි. 06 May 2024
චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහකට පසුවය. 06 May 2024
ගුවන්තොටේ කලබල කළ තරුණයා පොලීසියට කැඳවලා කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් වී.එෆ්.එස්.සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්රකාශ කළ නීතීඥ සදරු කුමාරසිංහ මහතා අද(06) ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැදවා තිබුණි . 06 May 2024
අල්ජසීරා ඊශ්රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය. 06 May 2024
ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක් විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි. 06 May 2024
රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා රජයේ විධායක ශ්රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තාවේ. 06 May 2024
බිත්තර ආනයනය නැවත අරඹයි දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 May 2024
හොරණ වෙඩිතැබීමට වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයා ගනී හොරණ ග්රේස්ලන්ඩ්වත්ත ප්රදේශයේ දී ව්යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 06 May 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026