(උපාලි ආනන්ද)
අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් 23 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.
මෙසේ ශරීර ඇප මත මුදා හැරියේ උතුරු මැද රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ක්‍රියාරියාකාරී උපාධිධාරින් දොළොස් දෙනෙකු සහ උපාධිධාරිනියන් එකොළොස් දෙනෙකි.
රැකියා විරහිත උපාධිධාරීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් උතුරු මැද පළාත් සභාව සතු ඇතැම් දේපල වලට යම් යම් හානි සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන්ව නොමැති බවට අධිකරණයට අවධාරණය කළ පොලිසිය සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
සැකකාර රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ උපාධිය ලබාගෙන වසර ගණනාවක් ගත වුවද කිසිදු රැකියාවක් නොලැබීම හේතුවෙන් තම සේවාදායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අසරණභාවයට පත්ව සිටින බවයි. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළා මිස තම සේවා දායකයින් කිසිදු කලහකාරී කටයුත්තකට සම්බන්ධ නොවූ බවද නීතිඥයෝ කියා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිධාරීන්ට රස්සාවල් දෙන එක ආන්ඩුවේ වැඩක් නොවෙයි. ලොකේ කොහෙවත් නැති කෝලමක් මෙහේ ඉන්න දේශපාලුවෝ ඡන්ද ගන්න කළේ. එහෙනම් OL AL පාස් කට්ටියටත් රස්සාවල් දෙන්න එපායැ. එක වසරේ ඉඳලා විශ්ව විද්‍යාල වෙනකල් උගන්වලා, හොයා ගනිංකෝ රස්සාවල්... නැත්නම් ස්වයං රැකියාවක් හොයාගන්න. මහින්ද මහත්තයා උපාධිධාරී ලක්ෂයකට රස්සාවල් දීලා, ඒ කට්ටිය සමහරු නිකං පඩි කනවා. අහිංසක මිනිස්සු හම්බ කරන දෙයින් තමයි tax කපලා පඩි දෙන්න ඕනෑ. මහින්ද මහත්තයාට පස්සට ගහලා එලවලත් දැම්මා කරපු උදව්වට...!
තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන මේ තරුණ තරුණියන්ට මගේ ආචාරය...