
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිගේ ගියත් කිසිවකුටත් හානියක් සිදු නොවුනේ පෙර පිනකට යැයි නගර වාසීහු පවසති.
ගැලවී ගිය රෝදය මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ව්‍යායාම් උපකරණ කට්ටල අලෙවි කිරීමේ වෙළඳසලකට කඩා වැදීමෙන් එහි දේපළවලට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කොළඹට නුදුරු පුද්ගලික සරසවියක සිසු සිසුවියන් ප්‍රවාහනය සඳහා හෝමාගම ලංගම ඩිපෝවේ සිට කිරුළපන දක්වා හයිලෙවල් මාර්ගය ඔස්සේ අද පෙරවරු 6.45 පමණ ධාවනය වූ බස් රථයේ වම් පස පිටුපස රෝද දෙකෙන් එකක් මෙලෙස එකවරම ගැලවී මාර්ගය හරහා ගොස් මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම දිනවල පාසල් නිවාඩු දිනයක් වුවත් ජනාකීර්ණ නුගේගොඩ නගරය ආසන්නයේ මෙවැනි අනතුරක් සිදු වී මාර්ගයේ පා ගමනින් හෝ ගමන්ගත් කිසිවෙකුටත් තුවාල සිදු නොවීම පුදුම සහගත යැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බසය හා රෝදය අතර අදහස් නොගැලපෙන බැවින්, රෝදය වෙන පාරක තනියම යන්න තීරණය කරන්න ඇති. ඔක සාමන්‍ය තත්වයක්. කවුන්සින්ලින්ග් හරහා මෙවැනි තත්ව හරිගස්ස ගන්න පුලුවන්.