
(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණියාය.
ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ මැති ඇමතිවරු රැසක් ද පැමිණියහ.
එම පිරිස අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීය දුමින්ද දිසානායක මහතා ද වූහ.
එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
එහිදී ඇයවැඩි දුරටත් කියා සිටියේ පක්ෂයේ හැමදාමත් සිටි බවත් ඒත් හිිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇය පැන්නූ බවත් ඉන්පසු මුලස්ථානයට නොපැමිණි බවත් ය.
පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බව කී ඇය රට හදන්න අපි සියලු දෙනා එකතු වී වැඩ කරමු යයිද කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං වැඩියෙන්ම බොරු කියන එක්කෙනා ජය ගනීද...?
නහින දෙහින කාලේ බණක් භාවනාවක් කරන් හිටියනං නේද හොඳ. පක්ෂ කඩලා මිනිස්සු බේද කරලා කොහේ යන්නද හිතන් ඉන්නේ.
පොළොන්නරුවේ "මිස්ටර් හිටන්" මැදමූලන මයිනා පරදවා යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා ගේ පවුලෙන් දේශපාලනය කිරීමට සිටින එකම නායිකාව පක්ෂයෙන් පන්නා දැමීමේ තීරණයට පයින් ගසමින් චන්ද්‍රිකා මැතිණිය පක්ෂයේ රැස්වීමට සහභාගි වීම හැම දෙනාගේම සතුටට හේතුවූ අතර, ඇය පක්ෂයෙන් නෙරපීමට කුමන්ත්‍රණය කළ ඩබලට වැදුණු මරු කනේ පහරකි.
මම හිතුවේ තව දුරටත් ජනතාවට බරක් නොවී නිල නිවස දාලා තමන්ගේ ගෙදරට ගිහින් කියලා.
ඔයගොල්ලන් රට හදන්න කරදර වෙන්න එපා ඒවට ඕන තරම් අවස්ථාව දුන්නා, කරපු හැටි දැක්ක චෞර රැජින කියල නමකුත් දාගත්ත නේද, රට හදන්න අපි සේරම මාලිමාවට
ඇත්තටම ලංකාවට මේ වයසක රොත්ත අයින් කරලා ,ගමනක්ම නැද්ද .මේ මිනිස්සුන්ටත් එපා වෙන් නැද්ද දන්නේ නෑ මේ නහින දෙහින කාලේ බොරු කිය කිය නටන්න
හිටපු දිහාවක වැළලිලා ඉන්නකෝ හොල්මන් කරන්නේ නැතුව