(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණියාය.
ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ මැති ඇමතිවරු රැසක් ද පැමිණියහ.
එම පිරිස අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීය දුමින්ද දිසානායක මහතා ද වූහ.
එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
එහිදී ඇයවැඩි දුරටත් කියා සිටියේ පක්ෂයේ හැමදාමත් සිටි බවත් ඒත් හිිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇය පැන්නූ බවත් ඉන්පසු මුලස්ථානයට නොපැමිණි බවත් ය.
පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බව කී ඇය රට හදන්න අපි සියලු දෙනා එකතු වී වැඩ කරමු යයිද කියා සිටියාය.
රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව
ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ’’සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ති
නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත
මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර ය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට
සිල්වා Monday, 06 May 2024 08:23 PM
දැන් ඉතිං වැඩියෙන්ම බොරු කියන එක්කෙනා ජය ගනීද...?
Kapila Monday, 06 May 2024 09:20 PM
නහින දෙහින කාලේ බණක් භාවනාවක් කරන් හිටියනං නේද හොඳ. පක්ෂ කඩලා මිනිස්සු බේද කරලා කොහේ යන්නද හිතන් ඉන්නේ.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 07 May 2024 02:31 AM
පොළොන්නරුවේ "මිස්ටර් හිටන්" මැදමූලන මයිනා පරදවා යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා ගේ පවුලෙන් දේශපාලනය කිරීමට සිටින එකම නායිකාව පක්ෂයෙන් පන්නා දැමීමේ තීරණයට පයින් ගසමින් චන්ද්‍රිකා මැතිණිය පක්ෂයේ රැස්වීමට සහභාගි වීම හැම දෙනාගේම සතුටට හේතුවූ අතර, ඇය පක්ෂයෙන් නෙරපීමට කුමන්ත්‍රණය කළ ඩබලට වැදුණු මරු කනේ පහරකි.
Prabha Tuesday, 07 May 2024 02:32 AM
මම හිතුවේ තව දුරටත් ජනතාවට බරක් නොවී නිල නිවස දාලා තමන්ගේ ගෙදරට ගිහින් කියලා.
සෙනෙවිරත්න Tuesday, 07 May 2024 03:57 AM
ඔයගොල්ලන් රට හදන්න කරදර වෙන්න එපා ඒවට ඕන තරම් අවස්ථාව දුන්නා, කරපු හැටි දැක්ක චෞර රැජින කියල නමකුත් දාගත්ත නේද, රට හදන්න අපි සේරම මාලිමාවට
Shamaal Udayanga Tuesday, 07 May 2024 09:20 AM
ඇත්තටම ලංකාවට මේ වයසක රොත්ත අයින් කරලා ,ගමනක්ම නැද්ද .මේ මිනිස්සුන්ටත් එපා වෙන් නැද්ද දන්නේ නෑ මේ නහින දෙහින කාලේ බොරු කිය කිය නටන්න
Perera Tuesday, 07 May 2024 11:01 AM
හිටපු දිහාවක වැළලිලා ඉන්නකෝ හොල්මන් කරන්නේ නැතුව