
(යොහාන් භාසුර)
බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි.
මෙම හමුව සඳහා බි්‍රතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා, එහි පළමු ලේකම් ටොම් සොපර් මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න, දැන් සජිත් කලබල වෙනවා... කොහේට හරි ගිහිල්ලා, කළු සල්ලි වලින් ගත්ත මොනවා හරි දෙයක් බෙදන ගමන් මාලිමාවට බනින්න පටන් ගනියි.
රෝහණ විජේවීර ඉන්න තිබුණේ මේ කාලේ...!
රෝහණ විජේවීර උන්නා කියලා මොනවා වෙන්නද? එයත් මේ වෙද්දි වයසට ගිහින් රනිල්ලා රාජපක්ෂලා වගේ තමයි
මේ මහත්වරු වීඑෆ්එස් එකෙන් විසා අරන්ද ආවේ?
විජේවීර හිටියත් කාලීනව වෙනස් වෙයි.ඔබ ජවිපෙ මතවාදය හරි වැරදි බලනවද?
උස නම් සිකියුරිටි.. මිටි නම් කම්කරු..