මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා අද කළුතර දිස්ත්රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. 20 September 2024
බඹරු ඇන අයෙක් මරුට තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. 20 September 2024
රැස්වීමක් පැවැත් වුවැයි පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කරලා ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්ජනය කර ඇතැයි වීරඹුගෙදර පොලිසිය පවසයි. 20 September 2024
සැමියා පැදවූ ත්රිරෝද රිය පෙරැළි බිරිය මරුට සැමියා පැදවූ ත්රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි. 20 September 2024
ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ මා කුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානය හරහා ඡන්දය ප්රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්යාත පිරිසකට ප්රමාණවත් බස් රථ නොමැති වීමෙන් ඔවුන් මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානයේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණි. 20 September 2024
නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින් නිවිතිගල, දෑල ප්රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව නිවිතිගල පොලිසිය පවසයි. 20 September 2024
ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින් මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 20 September 2024
ඡන්දෙට සියල්ල සූදානම් 2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. 20 September 2024
මිදිගම ඝාතනයට දෙකක් සැකපිට මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 20 September 2024
වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 September 2024
බැසිල් රටින් පිටව යයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 20 September 2024
දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්ය කම්කරුවා මරුට දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 20 September 2024
තැනින් තැනට විටින් විට වැසි සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 20 September 2024
සායනය අස්සේ පක්ෂයක් ප්රමෝට් කරලා හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව එම කටයුතුවලින් ඉවත් කළ බව කළුතර දිස්ත්රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්යස්ථානය සඳහන් කරයි. 20 September 2024
ශිෂ්යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්යත්ව විභාග මධ්යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා අද(19)දින පැවසිය. 19 September 2024
අපේක්ෂකයින් ප්රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්රික්කයේ රාජ්ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව හම්බන්තොට දිස්ත්රික් තේරීම් භාර නිලධාරී එම්.පී සුමනසේකර මහතා පැවසීය. 19 September 2024
ෆේස් බුක් තවම ඡන්ද වැඩ සමාජ මාධ්යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්තාවේ. 19 September 2024
නිල නොවන ඡන්ද ප්රථිපල නිකුත් කිරීමෙන් වළකින්න ජනාධිපතිවරණයේ නිල ප්රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර්ශවවලින් ඉල්ලීමක් කරයි. 19 September 2024
ඩොලර් බිලියන 3.3 ක ණය ප්රතිව්යුහගත කරයි ශ්රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්රතිව්යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ. 19 September 2024
ට්රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය පොලිසිය කියයි. 19 September 2024
ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. 19 September 2024
පයාගලත් ඡන්ද කාඩි 900ක් බෙදා නෑ කළුතර පයාගල ඈතගම ග්රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද කාඩ්පත් 900ක් පමණ නොබෙදා ළඟ තබාගත් බව කියන තැපැල්කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 19 September 2024
බෙදන්න දුන්න ඡන්ද පත්රිකා 147ක් වෙළඳසැලක පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්රිකා 147ක් එම ප්රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසයි. 19 September 2024
කොහුවල ඝාතනයට දෙකක් සැකපිට කොහුවල ප්රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැපයූ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 19 September 2024
රත්නපුර සිසු සැරියකට පෞද්ගලික බස් විරෝධයක් ගොරකඇල සිට තෙප්පනාවල කුරුවිට හරහා රත්නපුර දක්වා රත්නපුර ලංගම ඩිපෝවෙන් පාසල් සිසුන් ප්රවාහනයට සිසුදැරිය බස්රථයක් ධාවනයේ යෙදවීමට එරෙහිව එම මාර්ගයේ පුද්ගලික බස්රථ දින දෙකක් තිස්සේ ආරම්භ කළ වැඩවර්ජනය අද (19) ද පැවැත්විණි. 19 September 2024
ජනපති සටන දා ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්රධානීන්ට ජනාධිපතිවරණයේදී ක්රියාත්මක කළ යුතු අවසාන ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්රධානීන්ට අද (19) දුන් බව මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් වියානී ගුණතිලක මහතා ලංකාදීපයට පැවසීය. 19 September 2024
ඡන්දෙ දා දුම්රිය වැඩ මැතිවරණය පැවැත්වෙන 21 වැනි දා සාමාන්ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 19 September 2024
රඹුක්වැල්ල පුතාගේ සුපිරි නිවාස දෙකක් තහනම් බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්ය අධ්යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බව කියන කොල්ලුපිටිය ප්රදේශයේ සුපිරි මහල් නිවාස සංකීරණයේ නිවාස දෙක පරිහරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තහනම් කළේය. 19 September 2024
බිරියගේ අත කැපී යැයි සැමියා අත්අඩංගුවට වෙනත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින් සිය බිරිඳගේ අත වෙන්වන ලෙස කපා දැමූ සැමියකු යාපනය , අලවෙඩ්ඩි ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසයි. 19 September 2024
ලැඟුම්හළක මත් ද්රව්ය ඇසුරුම් කරමින් සිටි යුවළ අත්අඩංගුවට මත් ද්රව්ය ජාවාරමේ යෙදී සිටි බව කියන යුවළක් , බැලුම්මහර ප්රදේශයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 19 September 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026