ශ්රිලනිප හිනිදුම හිටපු සංවිධායක ඝාතනයට අයෙක් අල්ලයි ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්රධාන සංවිධායකයෙකු වන ව්යාපාරික සම්පත් ගමගේ මහතා මුගුරකින් පහර දී ඝාතනය කල සිද්ධියේ ප්රධාන සැකකරු අද (19) කලවාන වැද්දාගල ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 19 September 2024
රිය අනතුරින් තිදරු පියා මරුට පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව ප්රදේයේදී අද ( 19) සිදුවු අනතුරකින් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 19 September 2024
නිකවැරැටියෙත් වෙඩි තැබීමක් අයෙක් මරුට නිකවැරැටිය රස්නායකපුර නම්මුවාවේ දී සිදු කළ වෙඩි තැබීමකින් කුඩා කඩයක් පවත්වාගෙන යන එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි 19 September 2024
ආහාර විස වීමෙන් 500ක් රෝහලේ පොළොන්නරුව බකමූණ ප්රදේශයේ ප්රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි. 19 September 2024
සිකුරාදාට සියලු පාසල් වැසේ දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්රකාශ කර ඇතැයි අද්යාපන අමාත්යංශය කියයි. 19 September 2024
රිය අනතුරින් දෙකක් මරුට වව්නියාව ඔිමන්ත ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය. 19 September 2024
මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 1358 ක් ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. 19 September 2024
මිදිගමත් වෙඩි තැබීමක් මිදිගම ,ගොවියාපාන ප්රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 19 September 2024
මැතිවරණ රාජකාරි සදහා විශේෂ දුම්රියක් ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය. 19 September 2024
දෙහිවල වෙඩි තැබීමක් : හෝටල් හිමිකරු මරුට දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි . 19 September 2024
තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 19 September 2024
හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. 19 September 2024
ගවහිමියා වෙඩි තබා මරාදමලා වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 18 September 2024
ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම් අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්රි උද්දික ප්රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් සහ අක්කර 05ක් විශාල ඉඩම් දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා අද (18) නියම කළේය. 18 September 2024
මිනුවන්ගොඩ රූපලාවණ්යාගර සේවිකාවට ඇප මිනුවන්ගොඩ රූපලාවණ්යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම රූපලාවණ්යාගාරයේ සේවිකාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ මහේස්ත්රාත් ටී තේනබදු මහත්මිය අද (18) නියෝග කළාය . 18 September 2024
මං එන්නේ රටට යුතුකම කරලා තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනපතිවරණ ගාල්ලේ අවසන් ජනරැලි අමතමින් අද (18) පැවසීය. 18 September 2024
මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 18 September 2024
රට හැදිල්ල ට්රැක් ලන්තවාසීන් බොක්කෙන්ම උනන්දුව දක්වන කාරණාවක් තමයි මේ රට හදන වැඩේ. රටේ ඇතිවන ඕනෑම අර්බුදකාරී තත්ව හමුවේ මේ අය උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක උපදෙස් දීමක් විතරයි. 18 September 2024
’’ජනතාවට අවශ්ය සියලු සහන සලසනවා’’ රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා අකුරැස්සේ දි පැවසීය 18 September 2024
’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’ දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි සඳහා මොනරාගලදී එක්වෙමින් අද(18) පැවසීය. 18 September 2024
අනුරාධපුර ප්රධාන දුම්රිය වර්ජනය අවසන් අනුරාධපුර ප්රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් අද (18)දින උදැසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් විය. 18 September 2024
නිවැසියන් බියගන්වා කොල්ල කෑ පොලිසියේ 4ක් රිමාන්ඩ් නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය. 18 September 2024
මාළුවකු සපාකෑමෙන් අසාධ්ය වූ ධීවරයෙක් ජාතික රෝහලට ශ්රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව අද (18) කොළඹ වරායට රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි. 18 September 2024
නව කොවිඩ් ප්රභේදයක් යුරෝපයේ පැතිරෙයි එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්රයෙන් ව්යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්රධාන ප්රභේදයක් විය හැකි බවත් විද්යාඥයෝ අනතුරු ඇඟවූහ. 18 September 2024
පහේ විභාග අවුලට තැන තැන විරෝධතා පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රශ්න පත්ර කලින් නිකුත් වීමෙන් සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් මව්පියෝ අද (18) ලංකාවේ බෝහෝ නගරවලදී සිය විරෝධතාව පළ කළහ. 18 September 2024
හිටපු මැකෝ ගෙයින් ගෙට යයි මේ ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොලේදී බෙදා දුන්නේය. 18 September 2024
ජනකට පක්ෂ විකිණු දෙදෙනාට ඇප ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිට හා ලේකම්වරයාට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද(18) ඇප නියම කළේය. 18 September 2024
පුපුරණ ද්රව්ය සමඟ හතරක් අල්ලයි රාත්රි කාලයේ නාඋල ප්රදේශයේ මුර සංචාරයක දී රථ වාහන සෝදිසියක දී පුපුරණ ද්රව්ය රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 18 September 2024
කඩු සමඟ අයෙක් අත්අඩංගුවට දෙයියන්දර අතපත්තුකන්ද ප්රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවට දෙයියන්දර පොලීසිය පවසයි. 18 September 2024
ව්යාපාරිකාවක කොල්ල කෑ පොලිසියේ 4ක් සැකපිට ව්යාපාරිකාවක බියගන්වා රුපියල් ලක්ෂ 14 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 September 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026