
(හේමලතා ඞී හේවගේ)
ගිරිඋල්ල හමන්ගල්ල ප‍්‍රදේශයේ මිතුරෙකුගේ නිසකට පැමිණි 46 හැවිරිදි සාජන් මේජර්වරයකු එම නිවසේ ගෙවත්තේ තිබූ අඹ ගසක ගෙඩි කඩන්නට ගොස් අධිබලැති විදුලිය වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කෙක්කක ආධාරයෙන් අඹ කඩා ඇති අතර එම කෙක්ක අධිබලැති විදුලි රැහැනේ ගැටී බිම ඇදවැටීම නිසා බරපතල තුවාල ලබා දඹදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව ගිරිඋල්ල පොලීසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා 03 වන සංඥා බළකායට අනුයුක්තව දියතලාව ඇකඩමියේ සේවය කරන සාජන් මේජර්වරයෙකු වන බණ්ඩාරවෙල මකුල්ඇල්ල මිහිරන්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි එදිරිමුණි දේවයලාගේ අජන්ත රෝහන නැමති දෙදරු පියෙකු බවත් පොලීසිය පවසයි

2025 දෙසැම්බර් මස 18
186
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹ කඩන්න ගිය සාජන් මේජර් විදුලි සැරෙන් මරුට