(මනෝප‍්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හමුදා අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුව නගරයේදී කළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ වෙඩි වැඳී තුවාල වු පුද්ගලයකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම වෑන් රථයේ ගමන් කළ තවත් පුද්ගලයකු පළා ගොස් ඇතැයි වාර්තා වේ.
වාද්දුව නගරයේ සිට පානදුර පිංවත්ත දක්වා හඹා ආ යුද හමුදා භට පිරිසක් විසින් අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ සිටි වෙඩි වැඳී තුවාල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් අතපත්තු මහතා පැවසීය.
මත්තේගොඩ ප‍්‍රදේශයේ වෑන් රථයක් පැහැරගෙන වාද්දුව ප‍්‍රදේශයට යන බවට පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අදාළ වෑන් රථය නවතා ගැනීමට අද (29) රාත‍්‍රී 9.00 ට පමණ වාද්දුව නගරයේ පල්ලියක් අසළ මාර්ග බාධකයේ රාජකාරී කළ යුද හමුදා සෙබලුන් සංඥා කළත් කොල්ලකරුවන් හමුදා අණ නොතකා හමුදා සෙබලුන්ද හප්පා පළා යෑමට උත්සහා කිරීමේදී එහි ආරක්‍ෂාවට සිටි හමුදා භටයකු විසින් වෑන් රථයට වෙඩි තබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් අතපත්තු මහතා පැවසීය.
හමුදා සෙබලුන් දෙදෙනා හප්පා වෙඩි පහර කාගෙනම අදාළ වෑන් රථය පානදුර දෙසට පළා ගොස් ඇති බවත් හමුදා සෙබලුන්ද වෑන් රථය පසුපස හඹාගොස් පානදුර පිංවත්ත ප‍්‍රදේශයේදී ඉන්ධන පිරවුම්හළ අසළදී වෑන් රථය අල්ලාගෙන ඇතැයි පැවසු යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඒ අවස්ථාවේදී වෑන් රථයේ සිටි එක් අයෙකු ඉන් පැන ගිය බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසීය.
වෑන් රථය තුළ වෙඩි වැදී තුවාල සහිතව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වින විට පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර තුවාල තුවාල ලැබූ හමුදා සෙබලුන් දෙදෙනාද මේ විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුවේදී වෙඩි
Bamunuarachchi Tuesday, 30 July 2019 01:12 AM
හොඳටම ෂුවර් මුස්ලිම් ත්‍රස්තයෙක්....