(*** සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි සිට අපරාධ මෙහෙයවන නමගිය අපරාධකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් (INTERPOL) රතු නිවේදන ලබාගෙන ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.
මින් වැඩි පිරිසක් මෙරට ප්‍රසිද්ධ පාතාල කල්ලිවල නායකයන් බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය.
ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන ලබාගෙන සිටින මෙම අපරාධකරුවෝ සියලු දෙනා මෙරටදී මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් හා ස්ත්‍රී දූෂණ යනාදී විවිධ අපරාධ සිදු කර නීතියෙන් බේරීම සඳහා විදේශයන්ට පලාගොස් සිටින අය වෙති.
මේ අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ජයකොඩි මහතා කීය.
මේ අතර බස්නාහිර පළාතේ පසුගිය කාලයේදී ප්‍රධාන පෙළේ අපරාධ කණ්ඩායම් එකොළහක් ක්‍රියාත්මක වූ බව කී ප්‍රියන්ත ජයකොඩි මහතා මින් කල්ලි හයක්ම විවිධ හේතු මත මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බව ද ප්‍රකාශ කළේය.
අනෙක් කල්ලි පහ කුඩා කුඩා සිද්ධි ඇති කරමින් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද ඔහු පැවැසීය.
අධිකරණයෙන් දඬුවම් ලැබූ නමගිය අපරාධකරුවන් සේම අධිකරණයෙන් වරදකරුවන් නොවුණු අපරාධකරුවන් පිරිසක් ද සමාජයේ ක්‍රියාකාරීව සිටින බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සියලු අපරාධ කල්ලි සතුව පවතින අවි ආයුධ නිරායුධ කිරීම කඩිනම් අවශ්‍යතාවක් බව ද කීය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද ඔහු පැවැසීය.
සියලු පාතාල කල්ලිවල පදනම මත්ද්‍රව්‍ය යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
හොඳම වැඩේ අර මොසෑඩ් එක කරන විදිහට රහස් කණ්ඩායමක් යොදවලා අපරාධකාරයින්ව එම රටවල් වලදීම වෙඩි තබා ඝාතනය කරන එක... නැතිනම් ඒ අය මෙහෙ ඉඳන් කුඩු බිස්නස්, ඝාතන සංවිධානය කරාවි.
ඔය මුකුත් නැහැ මරණ දඬුවම වහාම ක්‍රියාත්මක කළා නම්.., මේ අයව හිරේ දාගෙන මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි? රජයටත් මුදල් නැතිකොට...
මේ ගෙනයන්නේ නාට්‍යයක්... ළඟදීම ජනපති සමාව ලබාගෙන එළියට එන මහා පරිමාණ මුදලාලිට ඒකාධිකාරයක් හදලා දෙන්න. වෙලේ සුදා, මධූෂ්, රහීම් නලව නලවා ඉන්න ටික වෙනකම්...
ඉතාමත් සතුටට කාරණයක්..!!! මන්දයත්.. මේ අපරාධවල හා අපරාධකරුවන්ගෙන් සාමකාමී මනුෂ්‍ය සමාජයට වෙන හිරිහැර කරදරවලට නිමාවක් ලැබෙන නිසාවෙනි. අපගේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු මේ සඳහා කැපවන සියලු නිලධාරීන් හට ජාතියේ ප්‍රශංසාව...!!! පෙර බොහෝ අවස්ථාවලදී අපද, මේ තීරණය ක්‍රියාත්මක කරනා ලෙස නොයෙකුත් ආකාරයෙන් බලපෑම් කළෙමු. එහිදී පොලීසියේ හිත් රිදුනේ නම්, ඒ වෙනුවෙන් අපගේ කණගාටුව..!!! අපද වෙහෙසෙනුයේ, රටෙහි යහපත වෙනුවෙන්ම බැවින්, මේ ඉන්ටර්පෝල් එක මගින් මොවුන් ඇල්ලීම ගැන කරුණු දැක්වූයෙමු. මේ වෙනුවෙන් කැපවන ඔබ සියලු නිලධාරීන්ටත්, රජයටත්, අභීත සෙන්පතියෙකු සේ අප පෙළගස්වන අගනා "ලංකාදීප" පුවත්පතටත් ජාතියේ ප්‍රණාමය ...!!!
ඕක බොරුවක්.. මෙහෙ ගෙනාවත් ඔවුන් හිරේ ඉඳන් නිලධාරියොත් එක්ක සෙට් වෙලා අපරාධ තොග වශයෙන් කරන්න පටන් ගනීවි.