(ඩයනා උදයංගනී)
මේ රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් සිටින බවත්, එය වික්‍රමසිංහ මහතාගේ අන්ත දක්ෂිණාංශික දේශපාලනය, රාජපක්ෂ මහත්වරුන්ගේ පවුල්වාදී දේශපාලනය හෝ වෙනත් අය ඉදිරිපත් කරන රොමෑන්තික විප්ලවවාදය නොවන බවත්, නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
එසේ වුවත් එය නව දේශපාලන ආමන්ත්‍රණයට රට සූදානම් ද යන ගැටලුව තිබෙන බව ද චරිත හේරත් මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල ආසනයේ දී පැවති ජන රැලියක් අමතමිනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනය පාතාලකරණය, පාදඩකරණය සහ මදාවිකරණයට ගෙනයාමට උදව් කලේ හම්බන්තොටින් එහි පැමිණි නායකයන් බව කී හේරත් මහතා දැන් එවැනි දේ නිසා එම දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන්ම මුලු රටටම දේශපාලනය එපා වී ඇතැයි ද කීවේය.
2015 සිට මේ දක්වා රටේ සිදුවෙමින් පවතින්නේ දේශපාලන සුලිසුලගක් බවත්, එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්න මැද පංතියේ ජනතාවත්, 2019 ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් වෘත්තීය පන්තිය මෙන්ම 2022 දී ඔහු එලවන්නට ආ තරුණ පන්තියත් පෙන්නුම් කරන්නේ දේශපාලන දිය සුලියේ තත්වය බව ද හෙතෙම පැවසීය.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2311
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් ඉන්නවා
siri Thursday, 23 March 2023 03:41 PM
වියතුන් එක්ක කරන්න ගිය වැඩේ දෙල් උනාද ?