IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රට ගොඩනඟන හැටි මෛත්‍රි කියයි

(ඩයනා උදයංගනී)

රට ගොඩ ගත හැක්කේ සියලු පක්‍ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදය නැති පිරිසිඳු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට වෙනුවෙන් මිස ජනාධිපති අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට රට තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවත්, එය නිවාගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත්විය යුතු බවත් හෙතෙම කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුදල් ලැබීම ගැන සම්පූර්ණ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ලබාදෙන බව කී සිරිසේන මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල ඇති වැදගත්ම කරුණ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගපෙන්වීම තුළ දූෂණය වංචාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ හා වැඩපිළිවෙලක් ඇතිකළ යුතුවීම බව ද පැවසීය.

 



අදහස් (16)

රට ගොඩනඟන හැටි මෛත්‍රි කියයි

ravin Thursday, 23 March 2023 04:11 PM

ආයෙත් උඩ්‍රබුරනවා. ඔහෙ 2015ට ඉස්සෙල්ලා හා පස්සෙ කියපු කරපු දේවල් තමා ,තාමත් වමාරන්න බරිව දන්ගලන්නෙ. ලෙඩා අසාද්‍ය විමෙ වගකිම ඔහෙ බාරගත යුතුමයි. තවත් අපිට පවු නොඩි ?? අනිච්චා වත සංකාරා.

:       0       7

ruwan Thursday, 23 March 2023 04:12 PM

ඔයා මුලින්ම ගෙදර යන්න එහෙනම්

:       0       7

gamsabaa Thursday, 23 March 2023 04:18 PM

අනෙ එපා .. ඔකත් තියාගෙන ගෙදරට වෙලා ඉන්න !

:       0       6

Aruna Thursday, 23 March 2023 04:20 PM

වැද්දාස් බණ. ඔයත් වංචා දූශණ කාරයින්ගෙන් කෙනෙක් තමයි.

:       0       5

sam Thursday, 23 March 2023 05:16 PM

ඔබලාට රට ගොඩනැගීමට කිසිදු අවශ්‍ය තත්වයක් නොතිබු බව පුරවැසියන් දනී.

:       0       5

පුරවැසියෙක්..... Thursday, 23 March 2023 05:54 PM

පවුල්වාදය ගැන කතාකරන විට " දහම් " කව්ද ?

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 March 2023 06:08 PM

එතකොට දූෂිතයින්ට,වංචාකාරයන් හට,පවුල් පාලනයට හොර ආණ්ඩු හැදූ හැටි දැන් දැන් අමතකයි වගේ ග්‍රාම සේවක මහත්තයාට ... කොයි කටින්ද දන්නේ නෑ කතා කරන්නේ ...

:       0       9

Bamunuarachchi Thursday, 23 March 2023 06:31 PM

ඉන්නේ එක පුතයි මිනිහත් දේශපාලනයේ හැබැයි කතාව පවුල්වාදය නැති කොරන්න.

:       0       7

දාස Thursday, 23 March 2023 06:40 PM

ඔය නවත්වන්න ඔනෙ කියන දහ ජරා වැඩ තෝලගත් තියෙනව

:       0       5

Jayalath Thursday, 23 March 2023 07:15 PM

පිස්සුද ජනාදිපතිවෙලා හිටපු කාලෙ කරනින බැරි මේමිනිහ දැන් බොරැවට මිනිස්සු අන්දන්න යන්නෙ

:       0       4

sam Friday, 24 March 2023 02:03 AM

යන එන මං නැතිවෙනකොට, නඩු හබ වලින් වැරදිකාරයෙක් වෙනකොට, එකමුතු වෙලා ගොඩ යන්න මතක් වෙලා නේද?

:       0       3

බෙම්පි Friday, 24 March 2023 08:19 AM

මට මතකයි ඔබතුමාගේ නමත් හිටපු ජනාධිපති වරුන්ගේ ලිස්ට් එකෙන් තිබුන. ඒ කාලේ ඔහොම වැඩපිළිවෙලක් ගැන හිතුනෙම නැද්ද. ඔබතුමාලගේ ජඃහ පාලනය කාලේ ගත්තු බිලියන 12 අරගෙන මොනවද කෙරුවේ ඇත්තටම. දැන් බිලියන 3 ක්‌ අරගෙන ලොකු ජයක්වගේ උඩ පනිනවා අර ගානට මොනවද ඇත්තටම කෙරුවේ. පුදුම යි. .

:       0       3

බකසුමන Friday, 24 March 2023 08:25 AM

ඔය මොලේ තිබුනේ නැද්ද බලයේ ඉන්නකොට..... බලේ තියෙනකොට මොලේ නෑ. මොලේ තියෙනකොට බලේ නෑ... දැන් ඉතිං ඔබතුමාලා කරපු සේවය හොඳටම ඇති. ඒවා තමයි දැන් මේ මිනිස්සු භුක්ති විඳින්නේ. දැන් හරියට කරන්න පුළුවන් පිරිසකට රට භාර දෙමු. දැන් ඉන්න 225 ටම බෑ කියලා රටම දන්නවා.

:       0       5

Jayasekara Friday, 24 March 2023 09:33 AM

ආප්ප කාල කෝපි බීල..රට ගොඩනගන්න ආපු හැටි මතක් වෙනව...... බෝම්බත් කාගෙනම....

:       0       2

Ranjith Friday, 24 March 2023 09:46 AM

ආප්ප කාලා රටත් කාලා දැන් පොර ටොක් දෙනවා

:       0       3

senarath Friday, 24 March 2023 09:50 AM

එක වෙන්නැති 2015 සිට 2019 දක්ව කලෙ. සංවර්ධන වෙගය 6% සිට 2% දක්වා අඩුඋනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 463 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1345 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 372 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1360 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 522 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 775 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1022 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site