
(ආනන්ද ජයකොඩි)
කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුවේ අද (8) උදෑසන පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිදුණූවැව පදිංචි නිහාල් කුමාර සහ ප්‍රසන්න සිසිර කුමාර නැමැති 37 සහ 33 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
අනතුරට පත් පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කටුනායක සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් පැමිණී ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුවී ඇති බව මුලික පරීක්ෂවලදී හෙළි වී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.