IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


එච්.එම් ජයවර්ධනයන් අවසන් ගමනේ

අභවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

එහිදී ඒ මහතාගේ පුත් ගායක කසුන් කල්හාර මහතා හා ඔහුගේ පවුලේ සමාජිකයෝ එක්ව පැන් වත්කරමින් හා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය චිතකය වෙත රැගෙන ගියහ.

ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 

 

 

 



අදහස් (11)

එච්.එම් ජයවර්ධනයන් අවසන් ගමනේ

jayarathna Wednesday, 10 April 2019 02:48 PM

සැබෑ කලාකාමී නිර්මාණකරුවන් මෙසේ වෙන්වීම දුකක්. නමුත්ඉතිං...

:       0       57

sirimal Wednesday, 10 April 2019 03:01 PM

පණ්ඩිත් අමරදේවයන්ගෙන් පසු පරපුරේ ආචාර්ය රෝහණ වීරසිංහයන් හැරුණු විට සිංහල සංගීත ක්ෂේත්‍රයට සිටි දැවැන්තයා අද අප අතරින් වෙන්වූ එච්.එම.ජයවර්ධනයක් වියයුතුය. කාගේවත් ඇදක් කුදක් හොයන්නට යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ නිවී සැනසිලි සුවයෙන් ජීවත්වූ එතුමාත් එතුමාගේ දයාබර බිරිඳව සිට පරලෝ සැපත් මාලනී බුලත්සිංහල මැතිණියත් සිංහල සංගීත ලෝකයට දායාදකළ අනගි සම්පතක් වූ කසුන් කල්හාර ජයවර්ධනයන් තම දෙමව්පිය දෙපලගේ අඩුව කිසියම් ප්‍රමාණයකින් හෝ පිරවීමට සමත් අනගි සම්පතක් වෙනු නොඅනුමානය. එච්.එම්.ජයවර්ධනයන්ගේ වියෝව පිළිබඳ සාතිශය සංවේගය පළකර සිටිමු.

:       2       214

ChandimaWednesday, 10 April 2019 04:08 PM

ඔබ හිතන්නේ කසුන් කල්හාර මේ මහා මිනිසා හා සංසන්දනය කරන්න පුළුවන් කියලද? කසුන් කල්හාර රුහුණු සරසවියේ ඉංජිනේරු පීඨ සිසුන්ගේ සංගීත වැඩ සටහනකට ඇවිත් සින්දුවක් දෙකක් කිව්වා. මේ වගේ උදාර මිනිස්සුන්ගේ නිර්මාණ අහල පුරුදු අපිට නම් ඒවා නම් මහා අමුතු සින්දු. අනේ මන්ද මේ මනුස්සයාගේ අහලකටවත් තියන්න බැහැ කියලයි මට නම් හිතුනේ. ඒ නිසා මට නම් හිතෙන්නේ පියාගෙයි මවගෙයි අඩුව මකන්න නම් කසුන් කල්හාර අලුතින්ම හිතල ඔය දැන් යන පාරෙන් ඉවත් වෙලා හොඳ පාරකට යොමු වෙන්න ඕනි කියලයි.

:       424       262

sirimalWednesday, 10 April 2019 07:33 PM

ඔබ කියන දේ වැරදියි කියා මට කියන්නට බැහැ. නමුත් කසුන් කල්හාර ප්‍රතිභාපුර්ණ සංගීතඥයෙක් කියලයි බොහෝ අයගේ කියවීම. ඔහුගේ ශෛලිය වෙනස් බව නම් ඇත්ත. අපේ රටේ හතු පිපෙන ගානට ඉස් මතුවෙමින් වියැකී යන වර්තමාන තරුණ සංගීත ශිල්පින් සමඟ සසඳා බලද්දී සිංහල සංගීතයට කසුන් කල්හාර ගෙන් කිසියම්හෝ සේවයක් සිදුවේවි යැයි සිතන්නටද බැරි නැහැ කියලයි මට පෙනෙන්නේ. සමහරවිට එය ඔහුගේ පියාගෙන් සිදුවූ සේවය තරමේ හෝ ඒ වර්ගයේ එකක් හෝ නොවන්නට පුළුවන්. එය නම් ඔබ කියනවා සේම නිවැරදියි. ඔබ කියන පරිදි ඔහු හරි පැත්තට වෙනස් වේනම් වඩා හොඳයි කියලයි මටත් හිතෙන්නේ.

:       33       175

Randima Friday, 12 April 2019 04:02 AM

"කවුළු පියන්පත්" යන ප්‍රතිභාපූර්ණ ගීය ගැයූ ගායකයාගේ නම ඔබට මතකද?

:       0       55

Sapumal.Saturday, 13 April 2019 01:05 PM

චන්දිම මහතාණෙනි,එසේ නොකියන්න."මල් මිටක් තියන්න ඔබ අතේ - මට කියා කොයින්ද මල් වනේ - ජීවිතේ විසල් නදී තෙරේ - තුරු හිසත් මලත් ඔබයි මගේ " මේ ගීතයෙන්ම පමණක් ඔහුගේ ප්‍රතිභාපුර්ණත්වය විදහා දැක්වෙනවා නේද ?

:       0       37

Clarence Wednesday, 10 April 2019 09:33 PM

ඔබ වැනි ප්‍රතිභා පූර්ණ සංගීත වේදීන් ඇත්තේ අතලොස්සකි. ඔබට නිවන් සුව පතමි!

:       0       3

sirimal Friday, 12 April 2019 12:36 PM

"කවුළු පියන්පත්" කසුන් කල්හාර ජයවර්ධනගේ අගනා ගායනයක්. තවත් බොහෝ වටිනා නිර්මාණ ඔහු ඉදිරිපත් කර තිබෙනවා.

:       0       1

A. Seneviratne Monday, 15 April 2019 07:35 AM

සැබෑ කලාකාමී නිර්මාණකරුවන් මෙසේ වෙන්වීම දුකක්. නමුත්ඉතිං...

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 April 2019 12:46 PM

කසුන් කල්හාර ජාතික වස්තුවක්....!! එය ඔහුද අවබෝධ කර ගත යුතුයි.

:       0       0

Anuradha. Monday, 15 April 2019 04:33 PM

අසහාය කලාකරුවාණනි,ඔබට නිවන් සුව !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1052 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site