IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොළ මඬින යන්ත්‍රය කාන්තාවක් බිලි ගනී

(ක.ග. කරුණාරත්න)
 
ගොයම්කොළ මඩින යන්ත්‍රයක  ආධාරයෙන් වියලි බඩ ඉරිඟු කරල්  ඇට වෙන් කරමින්  සිටි 49 හැවිරිදි කාන්තාවක එම යන්ත්‍රයට හසුවීමෙන්  මියගොස්  ඇතැයි බකමූණ පොලීසිය කියයි.
 
බකමූණ පොලිස් වසමට අයත් අත්තනකඩවල, ජයසිරිපුර, සරුබිම ප්‍රදේශයේදී පෙරේදා මෙම අනතුර සිදුවී ඇත.
 
එම අනතුරින් මියගොස් ඇත්තේ අත්තනකඩවල, ජයසිරිපුර, සරුබිම, අංක 505/141 ලිපිනයේ පදිංචිව සිටි දෙදරු  මවක වන ජයවීර ආරච්චිලාගේ විමලා පුෂ්පරාණී (49) යන අයයි.
 
මෙම කාන්තාව තවත් පිරිසක් සමඟ මෙම බඩ ඉරිඟු කරල්වලින් ඇට ඉවත් කිරීමේ නිරතව සිටියදී ක්‍රියාත්මකවෙමින් පැවැති කොල මඩින යන්ත්‍රයට  ඇගේ හිස ඇතුළුවි මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සිදු කල විමර්ශන වලදී හෙළිවී තිබේ.
 
එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි කාන්තාව ප්‍රතිකාර සඳහා අත්තනකඩවල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා   පොලොන්නරුව මහ රෝහලට  මාරුකර යවා සිටියදී මියගොස් ඇත.
 
මියගිය කාන්තාවගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේදී අද(20) සිදු කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවැසූහ. බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි. 


 



අදහස් (3)

කොළ මඬින යන්ත්‍රය කාන්තාවක් බිලි ගනී

Ruhunu Sunday, 20 September 2020 07:21 AM

සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා...!!! 

:       0       0

කමල් Sunday, 20 September 2020 10:36 AM

මේ අම්මාට මෙවන් අකල් මරණයක් මින් මතු නොවන්නත්, නිවන් සුවත් පතනවා.

:       0       0

Padmapriya Sunday, 20 September 2020 10:16 PM

දිගු කෙස් ඇති පුද්ගලයින් මෙම යන්ත්‍ර සමඟ වැඩ නොකළ යුතුය.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site