
(අංජුල මහික වීරරත්න)
නාගරික ජනාවාස වල දරුවන් හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ සමාජ විරෝධී ක්‍රියා වලින් බෙිරා ගැනීමට නව නීති සම්පාදනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (8) පැවසීය.
මෙි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.
මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනවය ගැන පොලිසිය, ආගමික ස්ථාන මූලික කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට දැඩිව උපදෙස් දී තිබෙන බවද සඳහන් කළේය.
නාගරික ජනාවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය හා විෂමාචාර වැළැක්වීම සදහා ඉදිරියේ දී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය බොරැල්ල ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය සමඟ ඒකාබද්ධවී නාගරික අඩු ආදායම්ලාභී දරු දැරියන් වෙනුවෙන් නොමිලයේ පවත්වන ත්‍රෛයිමාසික ඉංග්‍රීසි පාඨමාලාවේ සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම කප්පම් කරුවන්ට එරහිවත් දැඩි නීති සම්පාදනය කරන්න. කප්පම් කරුවන්ට අත්හිට වූ සිර දඬුවම් ප්‍රමාණවත් නැහැ.
මම හිතන්නේ දරුවො තමයි ඕවාට යොමුවෙන්නේ. ඔවුන්ට කරන්න දෙයක් නැතුව සිටින නිසා කියලා. ඒ අතර සමහරක් එලෙසින් ඉන්න අය පාසල් දරුවන්ටත් ඕවා පුරුදු කරනවා. අධික දරිද්‍රතාවයද මේවාට හේතුවක් වෙන්න පුළුවන්.. එවැනි අය කෙසේ හෝ මුදලක් සොයන්න ඒවාට යොමුවීමට ඉඩක් තියෙනවා. තවත් සමහරක් අය මැතිවරණ අවස්ථාවල දේශපාලුවන් සඳහා රැස්වීම් තියලා කැන්වසින් යනවා. එහෙම කරන අයට අදාල දේශපාලුවන් දිනුවොත් මිනිහෙක් මැරුවත් බේරෙන්න පුළුවන් කුඩු ගැන කවර කතාද? ඒ නිසා ඒ ගැනත් අවධානය යොමුකිරීම සුදුසුයි. තවත් එකක් තියෙනවා යමෙකු හොරකමක් කරලා පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත්තු අවස්ථාවල හොරකම් වෙනුවට කුඩුටිකක් දාලා, එහෙම නැත්නම් කසිප්පු ටිකක් දාලා නඩුදානවලු. ඉතින් එහෙම කෙනා නිදහස ලබා පැමිණ කරන්නේ ඒවාට යොමුවීම කියලා හිතන්නේ නැද්ද?
කප්පන් කරුවන් බඩලොකු මදාවියන් ගැන මුකුත් කිව්වේ නැද්ද?
මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින් පිටිපසේ දූශිත දේශපාලුවන් ඉන්නවා කියලා දන්නෝ දනිති. තමුන්ගේ පවුලේ අය කියලා නිකම්ද? සමාජ විරෝධී වැඩත් වැඩි හරියක් කරන්නේ දූෂිත දේශපාලුවන් තමයි...!
I am a medical officer in psychiatry. I would like to join with the anti alcohol campaign. I can educate people and can provide help to stop alcohol using behaviors medically and psychologically.. Thank u.