(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන බස් රථයක් ගැටීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවතුණු අතර බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
කරම්බකම් මන්සංධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥාද නොසලකා හරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ රියදුරු පමණක් සිටි හෙයින් රියදුරු බරපතල තුවාල ලබා කොඩිකාමම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුලත්කර ඇත.
උත්තර දේවි දුම්රියේ බස් රථය ගැටීමෙන් පසුව මීටර් 50කට වැඩි ඈතක් බස් රථය දුම්රිය මාර්ගයේ ඇදී ගොස් ඇති අතර එහිදී බස් රථය සම්පූරණයෙන්ම විනාශ වූ අතරම උත්තර දේවී දුම්රියටද හානි සිදුවිය.
එහිදී දුම්රියේ තෙල් ටැංකියට හානි සිදු වී තෙල් කාන්දු වීමක් සිදු වූ අතර දුම්රිය ගමන්ද සම්පූරණයෙන්ම නැවතුණි.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු පලෙයි දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරෙන අතර හානි වූ උත්තර දේවී දුම්රිය පලෙයි දුම්රිය ස්ථානය දක්වා ඇදගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින අතරම ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවටද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හරක් වැඩක්ද? පොඩි දෙයකින් වෙච්ච පාඩුව කොච්චරද බලන්න. මිනිස්සු මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
මේ වගේ රියැදුරන්ට බලපත්‍ර දුන්නු නිලධාරීන්ට ගහන්න ඕනෑ..
ආරක්ෂක හේතුන් මත මේවා වීඩියෝ කිරීමෙන් වලකින ලෙස මහජනතාවට උපදෙස් දෙන්න. වෙනත් රටවල් මේවාට දැඩි නීති ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් වශයෙන් කටාර් රාජ්‍යය...
රුපියල් 25000 දඩය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න.
සුක්කානම තියෙන තැන හොයාගත්තොත් නැවත හදලා පාරට දාන්න පුළුවන් තත්වෙක තියෙන්නේ..
බලාගෙන ඉන්නේ... හනිකට බාල්දිය අල්ලලා පුරවා ගනිල්ලා... අයියෝ මොන අපරාධයක්ද?
මට නම් ඔය දුම්රිය ගේට්ටුවල තියන ආලෝක සංඥා හෙන අවුල්... ඕකට හතරමං හන්දිවල තියනවා වගේ පාට තුනේ ලයිට් දාන්න ඕනේ...