
(ඩයනා උදයංගනී)
යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
සන්නද්ධ රථ පවා යොදාගෙන යුද හමුදාව විසින් මේ වන විට කොළඹ නගරයේ මුර සංචාර ආරම්භ කර තිබේ.
විශේෂ බලකා යතුරු පැදි ඛණ්ඩය ද කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇතැයි එම බලකා ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
හමුදා පාලනයක් යටතට පත්වුණු රටවල්වල තමයි මේ වගේ පෙරහුරු දකින්න ලැබුණේ... අන්තිම තුරුම්පුවද මේ...?
ඕක කරන්න තිබුණේ 9 වැනිදා ඉඳලනේ... දැන්වත් යන්තම් තේරුණා ඇති මේ මෝඩයින්ට. ආරක්ෂක ඇමැතිකම දෙන්න ළමයෙකුට.
හමුදා පලනයක පෙරනිමිතිද?
සති දෙකකට කලින් ඕක කලානම් අද රට ඔය ප්‍රපාතයට වැටෙන්නේ නැත..! මොකද අපේ රටේ කුලප්පුවෙලා පෙලපාලි යන අයම පොලීසිය හෑල්ලු කලා ... නියෝජ්‍ය පොලිස්පතිට එලවා එලවා ගහන හැටි බොහෝ රටවල් දැකලා කිව්වා අනේ මෙහෙම රටක් කියලා..! සංචාරකයෝ එන්න බයවුනා මෙහෙම කියමින් 'එයාට එහෙම ගැහුවනම් අපිට මොනවා නොකරයිද'? වෙසක් මාසය වෙලත් අද දන්සැලක් තොරණක් නැති බෞද්ධ රටක් තත්වයටම සිංහලයාම පත්කරගත්තා ..! හැබැයි හමුදා ඇඳුම ඇඳගත් නිළධාරි දැක්කහම කවුරුත් බයයි... ඒ අයගේ කටවල් ඉබේම ගොලුවත රැකලා හමුදා ඇඳුම ඇඳගත් නිළධාරින්ගේ කීමට අවනත වෙනවා..! හේතුව යුධ සමය ඒ අයගේ මතකයට එනවා " රණවිරුවා " ලෙසින්ම...! මොකද නීතිය අකුරටම කරන අප් රටේ " මහ පොලවේ බල හමුදාව "..!
ගෝල් ෆේස් සිද්ධිය දඩමීමා කරගෙන නීතිය තමන් අතට ගනිමින් රට ගිනි තබන අඳ බාල අරගලකරැවන් මෙල්ල කළ යුතුමය.
හමුදා පාලනයේ මුල් පියවර.
මේ අපට රටට ආදරේට කරන වැඩ නෙවෙයි මෙි පාලකයා අාරක්ෂාවෙන්න කරන වැඩ෴
දැන්වත් ඔය ජෙප්පන්ටයි, පෙරෙට්ටන්ටයි පාඩමක් උගන්නමුද?
" හොදට තිබ්බ රටක් , අපි වැටිච්ච් තැනක් "
ලෙඩේ බෝවෙලාද කොහෙද? අවිගත් සිවිල් මිනිස්සු හිටියේ නෑ කොළඹ, සන්නද්ධ රථ දාන්න LTTE එක හිටියද? ඔය BTR එකක් ස්ටාට් කරන්න තෙල් ලීටර් පහකට වැඩිය යනවා. අපිට වාහනයට ගහන්න තෙල් නෑ. ඔය සෙබලු ටික ට්‍රක්වලින් ගියානං කොච්චර තෙල් ඉතිරි වෙනවාද? ට්‍රේල් බයික් කීයක් යනවාද? බොරු වැඩ කරන්න එපා... කොටි හිටියේ නෑ කොළඹ , ආමි එකේ අයට නම් හරිආතල්... සෑහෙන කාලෙකින් සිවිල් මිනිස්සුන්ට ෂෝ පාරක් දාලා පොෂ් වෙන්න මරු... මේ වෙලාවේ ඕක තමයි අඩු...