(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 20 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග කාන්තාවක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාරිය මහපරිමාණයෙන් තොග වශයෙන් මත්කුඩු අලෙවි කරන බවත්, මැය කිසියම් පුද්ගලයකු වෙත මත්කුඩු තොගයක් අලෙවි කිරීමට සුදානම් ව සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකාරියේ නිවාස සංකිර්ණයේ තෙවන මහලේ දීඅත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පරීක්ෂා කිරීමේ දී ඇයගේ සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 83 ට ආසන්න ප්‍රමාණයත් තිබී ඇත.
ඇය කියිසම් පුද්ගගලයකු වෙත මෙම මත්කුඩු තොගය ලබා දීමට සුදානමින් සඟවාගෙන සිට ඇති බව පොලිසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි (40) හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd