(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
උගුර, කන සහ නාසය ආශ්‍රිතව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් මේ දිනවල මහජනයා ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා උගුර කන නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් උගුර, කන, නාසය සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන්ට බලපෑ හැකි අවදානම් සහගත තත්වය හේතුවෙන් ඒ ආශ්‍රිත ශල්‍යකර්ම සියල්ල තාවකාලිකව නවතා දැමීමට මීට ඉහතදී කටයුතු කළ බැවින් හදිසි අවස්ථාවකදී ගතයුතු පියවර ගැන ජනයා දැනුවත් කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව, උගුර,කන, නාසය ආශ්‍රිත රෝග සම්බන්ධව ගැටලුවක් ඇත්නම් අදාළ රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලය අමතා උපදසේ ලබාගන්නා ලෙස එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ.ඩී.කේ.එස්.එන් යසවර්ධන මහතා එම නිවේදනයේ සඳහන් කරයි.
සියලු අනතුරුදායක ක්‍රියාවන් මගහරවා, වගකීම් සහගතව කටයුතු කිරීම සඳහා දෙමව්පියන් ඇතුළු සමස්ත පුරවැසියන් මෙම උපදෙස් පිළිපදිනු ඇතැයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම උපදෙස් සහිත නිවේදනය පහත දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියලා හැම දෙයම මග හරින්නත් එපා! ඒක සාධරණ නැ. මිනිස්සුන්ගේ මුලිකම අවශ්‍යතාවය සෞඛය (ආහාර සහ බෙහෙත්). දැන් තියෙන ගැටලුව නම් කිසිම ලෙඩකට රෝහලකට යන්න බයයි!- කොරොනා කියලා රෝගින් ප්‍රතික්ෂේප කරයිද දන්නැ!!!