
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග අඹු සැමි යුවළක් අත්තිඩිය නිවසක දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි.
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 45ක් හා සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 810 ක්,විද්‍යුත් තරාදියක්,මත්කුඩු පැකට් කිරීම සඳහා සදහා යොදා ගන්නා හැන්දක්,ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 41000 මුදලක් ඇතුළු උපකරණ රැසක් සමඟ මත් කුඩු පැකට් කිරීමට යොදා ගත් කුඩා කොළ කැබලි තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත
වැටලීම සිදුකරන අවස්ථාවේ දී අඹුසැමි යුවළ නිවස තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිසිය කියයි
මේ වන විට බූස්ස බන්ධනාගාරය රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නැමැත්තාගේ අනියම් බිරිඳ වන රුසියාවේ පදිංචි දිලිනි නැමැත්තිය ට මෙම මත්කුඩු තොගය අයිතිබව සැකකාර අඹුසැමි යුවළගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.

2025 නොවැම්බර් මස 04
272
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2112
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි එක හමාරක කුඩු සමග අඹුසැමි යුවළ මාට්ටු