මේ වසරේදී සිය වැටුපෙන් සියයට 30 ක් කපා හැරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ එරට ආණ්ඩුවේ ඉහළ පෙළේ සාමාජිකයෝ තීරණය කර ඇත.
සමාජ වගකීමක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුපෙන් සියයට 30ක් කපා හරින බව කැබිනට් අමාත්‍ය ප්‍රකාශ් ජවාද්කාර් පැවැසීය. ඊට කැබිනට් මණ්ඩලයේ (ෆෙඩරල් කැබිනට් මණ්ඩලයේ) අනුමැතිය හිමිව ඇතැයි ද හෙතෙම කීය.
ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය කර තිබෙන කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ ආර්ථිකයට බරපතළ බලපෑමක් එල්ල කර ඇත.
‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සති තුනක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත්තේය. ඒ හේතුවෙන් රටේ මිලියන ගණනකට රැකියා අහිමි වී තිබෙන අතර තවත් දස දහස් ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත. බොහෝ පිරිසක් එදිනෙදා වේල සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.
රොයිටර්ස්
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.