(සුරංග රාජනායක)

නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටි මවගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක බිළිඳකු නැඟූ විලාපය  නිසා 22 හැවිරිදි මවගේ මරණය ගැන තොරතුරු සොයාගැනීමට හැකි වූ බව ගම්පොල පුපුරැස්ස පොලිසිය කියයි.

පුපුරැස්ස ඩේල්ටා වත්ත උතුරු කොටසෙන් මෙම අවසනාවන්ත සිද්ධිය වාර්තා වේ

කැසට් යන්ත්‍රයෙන් නැගෙන  හඬ ද පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක සිට හඬනු  ඇසුනු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාවක වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන විලාප අයුරුත් දැක අවට සිටින පිරිස හට ඒ බව දන්වා ඇත.

අසල්වැසියන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෙද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මිය ගොස් ඇති බව දන්වා තිබේ.

ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුවී ඇත.

රත්තරන් ඔයා පරිස්සමට මම යනවා මීට මමා යැයි එහි සඳහන්ව තිබී ඇත.