IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංකා වෙළෙඳ ප්‍රදර්ශනයක් අරාබියේ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරෙන “එක්සත් අරාබි එමිර් රාජ්‍යය - ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ RAK ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

“පශ්චාත් වසංගත ලෝකයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම” තේමාව යටතේ ‍එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලය එක්ව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

පිළිබඳ මූලික සාකච්ඡාවක්  ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගල්ෆ් තීරය සහ මැදපෙරදිග ආර්ථික වල ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ,ගල්ෆ් තීරයේ සහ මැදපෙරදිග  රටවල සමාගම් හා ශ්‍රී ලාංකික  සමාගම් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනය මඟින්  අපේක්ෂා කෙරේ.

 

 



අදහස් (0)

ලංකා වෙළෙඳ ප්‍රදර්ශනයක් අරාබියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 538 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site