
(සුජිත් හේවාජුලිගේ )
මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ අතර ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 20 වැනි ස්ථානයේ බවද එම අධ්‍යයනයේදී තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය.
ලක්ෂ පනස් හතක්වූ රටේ පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ තිස් හතක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇතැයි පවසන අතුකෝරළ මහතා සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණදී සිටින බවද අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් එක්ක 225 සහ ඔවුන්ගේ පවුල්වල සියලු අය හොඳට කාලා බීලා ඉන්නවා. ඒක තමයි අපේ රටේ දේශපාලන න්‍යාය
ඒ වුණාට 226 කට පැජරෝ, නොමිල් දිවා ආහාර, බදු නැති පඩි, කොමිස් සියල්ල ලැබෙනවා නේ. මයිනාගේ මන්දිරේට කෝටි 800, ගෝඨාගේ මන්දිරේට කෝටි?. රනිල්ගේ වාහනවලට කෝටි 150... අපි බදු ගෙවන්නම්...
ඔය නියැදිය ගන්න ඇත්තේ ගම්වලින් වෙන්න බෑ. ගම්වල ඡනතාව කාටවත් බැන බැන ඉන්නේ නෑ. වගා කරගෙන කනවා. අත පය වෙහෙසන කවුරුත් බඩගින්නේ ඉන්න ඕන රටක් නෙවෙයි, අපේ මව්බිම...!
අපොයි ඔයාලා කියන ඒවා නම් පිළිගන්න බැහැ. මීට කලිනුත් අර කවුද මහාචාර්‍යවරියක් කිව්වේ මේ කාලේ වෙනකොට කන්නවත් නැතිවෙයි කියලා. කොහෙන්ද ගත්තේ මේ දත්ත...? තනි දේශපාලන අදහස්.... ගම්වල මිනිස්සු කාලා බීලා ඉන්නවා...
බයවෙන්න එපා.... ලංකාවේ මිනිස්සුන්ට කන්න සල්ලි නැතුවට බොන්න සල්ලි තියෙනවා ඕන තරම්.. වැඩකට කට්ටියක් ආවත් බොන්න හොයනවා මිසක් සකස්කර තිබෙන කෑමවත් කන්න උනන්දුවක් නැහැ...
අනේ, මහචාර්යතුමෝ කටවහගෙන ඉන්න. අපේ ජනපතිතුමා වැල් පාලමේ එගොඩට ගිහිල්ලා ඉවරයි. ඔයැයි කියන අහේනියක් මනුස්සයින්ට නෑ. ඔයැයිගේ විජ්ජාව මළ භාෂාවක් වගේ. අලුත් විදිහට හිතන්න.