IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

මේ අතර ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 20 වැනි ස්ථානයේ බවද එම අධ්‍යයනයේදී තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය.

ලක්ෂ පනස් හතක්වූ රටේ පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ තිස් හතක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇතැයි පවසන අතුකෝරළ මහතා සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණදී සිටින බවද අනාවරණය කළේය.

 



අදහස් (6)

ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ

prasanna Saturday, 10 June 2023 01:26 PM

අපිටත් එක්ක 225 සහ ඔවුන්ගේ පවුල්වල සියලු අය හොඳට කාලා බීලා ඉන්නවා. ඒක තමයි අපේ රටේ දේශපාලන න්‍යාය

:       4       10

SL Saturday, 10 June 2023 02:56 PM

ඒ වුණාට 226 කට පැජරෝ, නොමිල් දිවා ආහාර, බදු නැති පඩි, කොමිස් සියල්ල ලැබෙනවා නේ. මයිනාගේ මන්දිරේට කෝටි 800, ගෝඨාගේ මන්දිරේට කෝටි?. රනිල්ගේ වාහනවලට කෝටි 150... අපි බදු ගෙවන්නම්...

:       4       9

කිරිපුතා Saturday, 10 June 2023 04:17 PM

ඔය නියැදිය ගන්න ඇත්තේ ගම්වලින් වෙන්න බෑ. ගම්වල ඡනතාව කාටවත් බැන බැන ඉන්නේ නෑ. වගා කරගෙන කනවා. අත පය වෙහෙසන කවුරුත් බඩගින්නේ ඉන්න ඕන රටක් නෙවෙයි, අපේ මව්බිම...! 

:       5       8

දීප්ති හෙට්ටිආරච්චි Saturday, 10 June 2023 05:52 PM

අපොයි ඔයාලා කියන ඒවා නම් පිළිගන්න බැහැ. මීට කලිනුත් අර කවුද මහාචාර්‍යවරියක් කිව්වේ මේ කාලේ වෙනකොට කන්නවත් නැතිවෙයි කියලා. කොහෙන්ද ගත්තේ මේ දත්ත...? තනි දේශපාලන අදහස්.... ගම්වල මිනිස්සු කාලා බීලා ඉන්නවා...

:       4       4

dhamneth Saturday, 10 June 2023 08:08 PM

බයවෙන්න එපා.... ලංකාවේ මිනිස්සුන්ට කන්න සල්ලි නැතුවට බොන්න සල්ලි තියෙනවා ඕන තරම්.. වැඩකට කට්ටියක් ආවත් බොන්න හොයනවා මිසක් සකස්කර තිබෙන කෑමවත් කන්න උනන්දුවක් නැහැ...

:       0       3

රමිබන්ඩා Saturday, 10 June 2023 08:10 PM

අනේ, මහචාර්යතුමෝ කටවහගෙන ඉන්න. අපේ ජනපතිතුමා වැල් පාලමේ එගොඩට ගිහිල්ලා ඉවරයි. ඔයැයි කියන අහේනියක් මනුස්සයින්ට නෑ. ඔයැයිගේ විජ්ජාව මළ භාෂාවක් වගේ. අලුත් විදිහට හිතන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site