අජිත්ලාල් ශාන්තඋදය
මෝටර් රථයක් ධාවනය කරන විට හෝ මෝටර් රථයක් පැද යන විට ලියාපදිංචි සහ රක්‍ෂණ සහතික සමඟ වායු විමෝචන සහතිකය ද ළඟ තබා ගැනීම අනිවාර්ය බව කුරුවිට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්. ඒ. සේනාරත්න මහතා කුරුවිට නගරයේ කුලී ත්‍රීරෝද, ලොරි සහ වෑන් රථ රියැදුරන් වෙනුවෙන් කුරුවිට පැවති වැඩමුළුවකදී පැවසීය.
වායු විමෝචන සහතිකය සන්තකයේ නොතිබීම මත දඩ නිකුත් කළ හැකි බැවින් වායු විමෝචන සහතිකයත් වාහනයේ තබාගන්නා ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
එසේම ත්‍රීරෝද රථ ඇතුළු කිසිම වාහනයක අධික ශබ්ද නිකුත් කරන රේඩියෝ ගැසට් හෝ වෙනත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සපුරා තහනම් බව ද එය දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු පෙන්වා දුන්නේ ය.
ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස වාහනයක් නැවැත්වීම රුපියල් 2000ක දඩ පැනවිය හැකි වරදක් බව කී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බස් නැවතුමක සිට මීටර් තිහක් දෙපසට වන්නට යම් අවහිරතාවක් සිදුවන ආකාරයේ ක්‍රියාවක් කළහොත් එය රුපියල් 50,000ක දඩයක් පැනවිය හැකි වරදක් බවද පැවසීය.
මෙම වැරදි සම්බන්ධයෙන් මෙතෙක් කලක් පොලිසිය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද ඉදිරියේ දී ඒ සම්බන්ධව කුරුවිට පොලිස් බල ප්‍රදේශය තුළ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසුවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්ෂික බලපත්‍රය ලබා ගැනීමට දුම් සහතිකය අනිවාර්යයෙන්ම ගත යුතුව තිබියදී මෙයා මේ කරන්නේ නීතිය නවලා, ටැෆික් පොලිස් කාරයන්ට ගානක් හොයා ගන්න අවස්ථාවක් ලබා දීමයි .
මෙවැනි ප්‍රකාශ අලුතින් පොලිස් ස්ථානාධිපති කෙනෙක් පත්වෙලා ඇවිල්ල කරනවා. මෙතැනදී වෙන්නේ මම දැන් ඇවිල්ල ඉන්නේ, බේරෙන්නනම් මට කුට්ටිය මාස් පතා ලබා දියව් යන්න නොකියා කීමක් බව අද සමාජයට රහසක් නොවේ.
පොලිසියේ පම්පෝරිය විතරයි. මේ කියන නීති ත්‍රී වීල් වලටවත් බස් වලටවත් ක්‍රියාත්මක කරන්නේ නෑ. ත්‍රී වීල් රියදුරෝ, බස් රියදුරෝ නීති කඩන කොට පොලිසිය ඉන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලා ගෙන.
දුම් සහතිකය ඉදිරිපත් කරලනේ අදායම් බලපත්‍රය ගන්නේ. එහෙනම් ජාතික හැඳුනුම් පත සමග උප්පැන්න සහතිකෙත් අරන් යන්න වේවිනේ............
දුම් සහතිකයක වලංගු කාලය මස හයකි (06). මස හයකට පසු එය අවලංගු සහතිකයකී. අවලංගු සහතිකයක් ලග තබා ගැනීමට අනීවාර්ය කල නොහැක. එය නීතියේ ඉදිරියේ වලංගුතාවයක් නොමැත.
දුම් සහතිකයේ පිටුපස බලන්න
ජාතික හැඳුනුම්පත ගෙනියනකොට උප්පැන්න සහතිකය අරන් යන්න.
මේක හරියට ජාතික හැඳුනුම් පත සමග උප්පැන්න සහතිකයත් තියාගන්න කියනවා වගේ වැඩක්. ආදායම් බලපත්‍රය දෙන්නේ දුම් සහතිකය නිවැරදිනම් නේද? දුම් සහතිකයෙන් වංචා වෙනවනම් ඒක නිවැරදි කරන එක රජයේ වගකීමක්. විශේෂයෙන් අපි බයික් වල යන උදවිය. අපිට ඔය අරක මේක කොළ කෑලි සේරම පර්ස් වල දාගෙන යන්න අමාරුයි.
වැඩිහිටි කෙනෙක්ව බස් නැවතුම අසල සිටිනු දැක, නංවා ගතහොත්, රුපියල් 50000 ක් දඩ ලෙස ගෙවීමට සිදුවිය හැකි බවක් තේරේ.
නරකද ඔය සමගම රියදුරු බලපත්‍රය සමග හැඳුනුම්පතයි, උප්පැන්න සහතිකෙයි දෙකත් වාහනේ ළඟ තබාගන්න කියල අලුතෙන් නීතියක් දැම්මනම්. ඔඅයිසි මහත්තයටයි අනිත් පොලිසිවල වල කට්ටියටයි රජයේ ආයතන වල වාහන වල දුම පෙනෙන්නේ නැතුව ඇති මගේ හිතේ. ඒ වලින් දාන්නේ දුම් නෙමෙයි ගින්දර නේ .
මේ කියන දඩ මිනිස්සුගේ හොදට ගහන ඒවා නෙමෙනේ. එහෙනම් වාහන අනතුරු මෙච්චර වෙන්න පුලුවන්ද. අනික ප්‍රායෝගිකව බැලුවොත් මොකටද දුම් සහතිකේ ? ඒක නැතුව කොහොමත් ආදායම් බලපත්‍රය ගන්න බෑනේ. මෙයාලා කරන්නේ ආණ්ඩුවට ඕන බදු සල්ලි හොයලා දෙන එක සල්ලි මදි වුනහම. මේ දඩ වල කොමිස් එකක් තියෙනවා මෙයාලට. ඉතින් කොහොමද මේ රට හදන්නේ. මේ රටට දැන් ඕන අලුත්ම නයකයෙක්. උඩ ඉදලා යටටම සුද්ද කරන්න ඔන. එහෙම නැතුව මේක තව විනශ වෙන එක වෙන්නෙ.
දාන්න කෙනෙක් මට මේ දේ කියන්න. දුම් සහතිකයේ වලංගු කාලය සදහන් වෙනවා, එම දිනය පහුවෙලා නම් පොලිසියට ලියන්න පුලුවන්ද ?
ඔය නීති පාට් ත්‍රීවීල් රියදුරන්ට දැම්මට නීතිඥවරයෙකුට දාපු දාට මෙයාටයි වන්දි ගෙවන්න වෙන්නේ.
මේ නිලධාරීන්, හදුනුම්පතත් එක්ක උප්පැන්න සහතිකෙත් හැම වෙලාවේම ළඟ තියාගන්න කීවත් පුදුම වෙන්න දෙයක් නෑ.
ආදායම් බලපත්‍රයේම දුම් සහතිකයේ සහ රක්ෂණ සහතිකයේ කල් ඉකුත්වීමේ දිනය ප්‍රින්ට් වෙන්න හැදුවනම් මේවගේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ.
මේ කියනදේ ඇත්තනම් අපිට පොලීසියටත් නීතිය උගන්නන්න වෙයි.
අර දුම්කොච්චි මෙන් දුම් පිටකරමින් යන ලොකු ලේලන්ඩ් බස් වලටත් මේ සහතික තිබෙනවා. කොච්චර පරිසර දුෂණ කලත් කොළ කෑල්ල තිබේනම් ඔක්කොම හරි. ඔය කියන විදිහට වාහන නවත්වන්න ලංකාවේ පාරවල් වල ඉඩ කඩ කොහෙද ? පාරවල් දෙපැත්තේම කඩවල් , ගෙවල් , පේව්මන්ට් වෙළෙන්දෝ , ස්ථානාධිපති නිකන් දොඩවනවා
සුමානයක් දෙකක් නීතිය කරයි.....හරි ගාණ කපනකොට සද්ද නැහැ... මේ වගේ පගා මරුවෝ.......
කුරුවිට එහෙම වුනාට ඇහැලියගොඩ එහෙම නැත.රාත්‍රී 10 ට 12 ටත් අධික ශබ්ද නිකුත් කරන ත්‍රීවීල් හැමතැනම. බස් නැවතුම් හරස් කරන වාහන නැවතීම්. කහ(සුදු)ඉරි මත වාහන නැවතීම් (ෆුඩ් සිටිය අසල බස් නැවතුම/නැදුරණ පාරට හැරෙන තැන ත්‍රීවීල් නැවතුම හා නිමල් කේෂකලා ලඟ බස් නැවතුම ඉන් කීපයක් ඒ වගේම ලොකු වටිනාකම් සහිත වාහන පාර මැදම නවතා තැබීමත් පදික වේදිකාව හරස් කිරීම්ද ඒ අතර වෙනවා.මෙහෙටත් නීති වලංගුද