(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26) පැවසීය.
කංසා වගාකිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ කමිටුව ආයෝජනය මණ්ඩලය යටතේ කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය දී ඇති බව කී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමරණුගම මහතා පැවසුවේ ආයෝජන මණ්ඩලය ඒ සඳහා ආයෝජකයන් සොයමින් සිටින බවත්ය.
එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අයෝජකයන් සහ විශේෂඥායන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අනුව ප්‍රදේශයක් තෝරාගෙන ළඟදීම එය අත්හදා බලන බවත් අමාත්‍යවරයා කීය.
කංසා අපනයනය කිරීම සඳහා එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආයෝජකයන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කළ බවත් එය රටට ඩොලර් එන මාර්ගයක් බවට පත්විය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
බලන්න දෙයක් නෑ. ඕක පහසුවෙන් හදන්න පුළුවන් ගහක්...
ලංකාවේ කංසා ගන්නේ කවුද? විකුණන්නේ කාටද? දැනට ලෝකේ රටවල් 3 කට පමණයි කංසා විකුණන්න පුළුවන් කුඩා මාර්කට් එකක් තියෙන්නේ..., දැනටමත් එකට රටවල් 156 අනුමැතිය අරගෙන මාර්කට් එකට තරඟ කරනවා ඕස්ට්‍රේලියාව... එංගලන්තේ, ජර්මනි, වගේ ප්‍රබල රටවලුත් එතැන් ඉන්නවා....
බහුතර බෞද්ධයන් ජීවත් වන, එමෙන්ම පවතින සිය ආගම්වලින් ප්‍රතික්ෂේප වුණු විශ මත්ද්‍රව්‍ය වගා කිරීමත්, වෙළඳාම් කිරීමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මේවා කරන්න බලය දුන්නේ කවුද? බුදුදහමට අනුව නොකළ යුතු වෙළඳාම් වලින් එකක් ඕක... වහාම නවත්වන්න. රටක අනාගතය විනාශ කරන්න එපා. කවුරු නැතත් මම පාරට බහිනවා. හැප්පිලා බලමු...
හෙට අනිද්දාට වෙනකොට හැමදේකටම විරුද්ධ වෙන උන්දැලා ආයෙත් රංචු පිටින් පාරට බැහැලාද දන්නේ නැහැ...
නියමු ව්‍යාපෘති අලුතින් අහවල් එකටද? යාල කැලේ ඕනෑතරම් ඇති. තාත්තා දේශපාලනේ කළා. පුතා දේශපාලනය කළා. ලෝකේ 11 දුප්පත් රට. දිලුම් ඔයා අන්තිමටම ලංගම බස් එකක ගියේ කවදාද...?
මුදල් සෙවීමේ මුවාවෙන් මේ රජය කරන්නෙම මෙවන් නොහොබිනා ක්‍රියාවන් .සීගිරි ගලත් විකුණා කළුගල් වලට ,සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය
දෙමවුපියනි ඔබට හා ඔබේ දරුවන්ට සැපේ ජීවත් වීමට අවශ්‍ය නම් වහ වහාම දේශපාලනේට එන්න. දරුවාද දේශපාලනේට යොමු කරන්න. උදාහරණ එමට...
ඔය ගමන්ම හෙරොයින් හදන පොපි මල් වගාවත් පටන් ගමු .ඇෆ්ගනිස්තානය වගේ