IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාප් වහන්සේගෙන් කාදිනල් තුමන්ට ලිපියක්

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (23) පැවසූහ.

ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි සඳහන් කර ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් යොමුකළ ලිපියට පිළිතුරක් ලෙස පාප්වහන්සේ මෙම ලිපිය එවා ඇත.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ "පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය" සංවිධානය කළ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදහස් දක්වමිනි.

 



අදහස් (10)

පාප් වහන්සේගෙන් කාදිනල් තුමන්ට ලිපියක්

Nirmal Saturday, 23 October 2021 08:43 PM

ඔච්චර තමයි

:       0       1

Demuni Uduwara Sunday, 24 October 2021 04:32 AM

අති උතුම්, කාදිනල්තුමනි, වින්දිතයින් වෙනුවෙන් ඔබ නොනවත්වා කරන අරගලය රජය සමඟ විශාල බරක් දරයි. හොඳ ප්‍රතිඵලයක් සඳහා අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු!

:       0       7

දාස Sunday, 24 October 2021 07:19 AM

පලමුවෙන්ම මේ රටේ පාස්කු පරික්ෂනය අඩාල කරන රජයේ දේශපාලුවන්ට සහ නිලදාරින්ටත් පසු ගිය රජයේ තක්කඩි හොර රැලටත් සංචාරක සම්බාදක පනවන්න යෝජනාවක් ඉදිරිපත් කරන්න.

:       0       7

gunarathna Sunday, 24 October 2021 08:09 AM

පාප් වහන්සේට වගේම අපේ කාදිනල්තුමාටත් වෙන්නේ දෙවියන්ට කියන්න තමා.

:       0       7

BamunuarachchiMonday, 25 October 2021 02:00 PM

ලෝකේ සියළුම දේ සිද්දවෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නේද? එහෙනම් පාස්කු ප්‍රහාරයත් දෙවියන්නේ කැමැත්තට සිදු උනා කියලා හිතාගන්න.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 October 2021 08:33 AM

ඔන්න මෙදාපාර නම් ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනා බවයි පෙනී යන්නේ .. මේ රටේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා පීඩාවට පත්වූ අයට නිසි අයුරින් සාධාරණය ඉෂ්ඨ කිරීම සිදුවුණේ නැහැ කිව්වොත් එය නිවැරදියි. පක්ෂ විපක්ෂ කවුරුන් වුවද, කුමන ජාතියක ආගමක අය වුවද, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සැමට නිසි දඬුවම් හිමිවිය යුතුමයි. ඒ දෙය මේ රටේදී සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර අධිකරණයේ දී හෝ සිදුවිය යුතුමයි. එසේ වුවහොත් මේ රට තවත් සුභදායී යුගයක් කරා පියමනිනු ඇත. ඒ මන්ද යත්, දේශපාලකයන්ගේ වත්කම් රැස්කරගත් ආකාරය, හොර වංචා, පැන්ඩෝරා පේපර්ස් ආදිය ගැන ජනතාව විදෙස් නීතිය හා සම්බන්ධ වෙනු ඇත. එවක් පටන් රටෙන් හොරා කෑ මුදල් හා දේපල ජනතාව සතුවෙනු ඇත. සත්‍ය හෙළිවී පිරිසිඳු දේශපාලනඥයන් මතු දිනෙක බිහිවනු ඇත. විය යුත්තේ එයයි.

:       3       11

Bamunuarachchi Sunday, 24 October 2021 02:03 PM

පාප්තුමා මෙහෙ ආවත් යන්නේ වෙඩි නොවදින කූඩුවක. එ්කයි යතාර්ථය...

:       3       3

Rex Sunday, 24 October 2021 02:50 PM

වැඩක් නැහැ ස්වාමීනි, මේක කාලකණ්ණින් රට පාලනය කරන කාලයක්...

:       0       2

BamunuarachchiMonday, 25 October 2021 02:15 PM

මොන මුඛයෙන් ද ඔය කතා කොරන්නේ? පාස්කු පරහාරය 2015 සිට ප්ලෑන් කරන කොට බලයේ සිටියේ ඔහෙලගේ මිනිස්සු. පාස්කු ප්‍රහාරය සිදුවෙන දිනය වෙලාව,ස්ථාන දැනගෙනත් එය නවතා ගන්න බැරි උනානම් මොන බම්බුවක්ද කතා කොරන්නේ. මිනියක් මරනකොට වටවෙලා බලන් ඉඳලා මිනී මරුව අල්ලන කියලා කොහෙවත් ඉන්න පොලිස්සියට බනින්නේ මොන කෙන්ගෙඩියකයකටද . පාස්කු පරහාරය සිදුවෙන දිනය වෙලාව,ස්ථාන දැනගෙනත් ක්‍රිස්තියානි කාරයෝ පල්ලි යන්නේ නැතුව හැන්ගුනා. ඔය ගැන කතා කොරන්න ලැජ්ජා නැද්ද

:       0       0

chandana Monday, 25 October 2021 08:33 AM

බැලූ බැල්මට මෙහි ඇත්තේ මෛත්‍රීපාල විරෝධයකි. සාමාන්‍යයෙන් මෙවැනි මෛ.්‍රීපාල විරෝධයක් ඇත්තේ අතට ගත් දෙය කටට දමාගැනීමට නොහැකි වූ කොල පාට පක්ෂයටය. ඒ් අයගේ බලපෑමක් මෙහි තිබිය හැක. ඒවකට ඒම ප්‍රදේශයේම සිටි පාලක පක්ෂයේ දේශපාලඥයන්වත් මේ සම්බන්ධයෙන් ඒකල සත්‍යය සේවීම සඳහා දැඩි උනන්දුවක් නොදැක්වූ බවත්, ඒවැනි දැඩි උනන්දුවක් නොදැක්වූවන්ට පවා ඒම ප්‍රදේශයේම ජනතාව ඡන්දය දී නැවත පත් කරගෙන ඇත්තේ ඇයිද යන්න පිළිබදවත් කල්පනා කල යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site