IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැලණි ගඟ අපවිත්‍ර කරන තැන් 1700 සොයා ගෙන

(විනීතා එම් ගමගේ)

කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත.

මෙම ස්ථාන 1700 ම පිහිටියේ කැලණි ගෙඟ් අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා වූ ප‍්‍රදේශයේ දී පමණක් බව එම අධ්‍යයනයේ දී හෙලි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.

මෙරට පිහිටි ගංගා 103 න් දූෂිතම ගංගාව සේ සැළැකෙන කැලණි ගඟට අපද්‍රව්‍ය දමන මෙම ස්ථානවලින් අති බහුතරය සීතාවක ආයෝජන කලාපයේ කම්හල් බව ද ඔහු සඳහන් කළේය.

මෙසේ අපද්‍රව්‍ය එක් කිරීම මහා පරිමාණයෙන් සිදුවන බවත් ඒ පිිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු යැයි තීරණය කළ බවත් කී අමාත්‍යවරයා නාවික හමුදාව සමග තමන්ම ගඟ ඔස්සේ ඉහළට ගොස් ඒ පිළිබ`දව දැක බලා ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

මධ්‍යම පරිසර අධිකාරිය කළ මෙම අධ්‍යයනය මෙරට ගංගා 103 සම්බන්ධවම කළ බවත් ගංගාවන්ට අපද්‍රව්‍ය දමන ස්ථාන 11000 එම අධ්‍යයනයේ දී සොයා ගත් බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් කැලණි ගඟ පිිරිසිදු කිරීමට විශේෂ ස්ථානයක් ලබා දී අනෙක් සියලූ ගංගාවන් ද පිරිසිදු කරන්නට පියවර ගන්නා බවත් ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2000 ක් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

කැලණි ගඟ අපවිත්‍ර කරන තැන් 1700 සොයා ගෙන

යෝගා Sunday, 28 November 2021 04:05 PM

පිටකරන අපද්‍රව්‍ය ප්‍රමාණයට සාපේක්ෂව ඇඟට දැනෙන ලොකු දඩ මුදලක් අයකරන්න...

:       0       15

Don Sunday, 28 November 2021 07:05 PM

නොම්මර එක තමයි අලුතින් ඇතිකළ පෑලියගොඩ මාළු මාකට් එක.

:       1       10

siri Sunday, 28 November 2021 07:20 PM

අර විශාල ශබ්දයක් එක්ක චීනයේ හදපු කරඬුවත් අරගෙන මණිඅක්ඛික නාගරාජයා මතුවුණු තැන නෙවේ... නේද?

:       4       9

sampath Sunday, 28 November 2021 10:36 PM

මේවා කරන්නේ පොඩි මිනිස්සු නෙවෙයි.. ඒ නිසා මේවා මෙල්ල කරන්න පුළුවන් රජයට විතරයි.. ඔය කුණු වතුර තමයි මිනිස්සුන්ට මුළු කොළඹටම බොන්න දෙන්නේ. ගංගා ටික රැක ගැනීමට සියලුම පුරවැසියන් සක්‍රීය දායකත්වයක් ලබාදෙන්න ඕනේ.. ගංගා කියන්නේ රුධිර නාල වගේ... මේ ගංගා ටික වතුර ඇරියාට ප්‍රයෝජන ගත්තා නම් අපි හිඟාකන්නේ නෑ.

:       0       0

janahitha Monday, 29 November 2021 09:48 AM

ගෑස් ලීක් වෙන තැන හොයාගත්තොත් නේද හොඳ..?

:       0       2

ජන හඩ Monday, 29 November 2021 02:09 PM

මේ අපවිත්‍ර කරන ස්ථාන ගැන සෙවීම් කරන්න මෙතරම් ප්‍රමාද වුනේ නිලධාරීන්ට අල්ලස් දීලාද දන්නේ නෑ. මොකද වෙනත් රටක නම් මෙතරම් විශාල ව්‍යාපාර සංඛ්‍යාවක් ජල මූලාශ්‍ර අපවිත්‍ර කරන කම් බලධාරීන් උඩ බලන් ඉන්නේ නෑනේ... ඒ තියා නිවසකින් නාන කාමරයේ වතුර ටිකක් ගියත් නීතිමය පියවර ගන්න හැකි වුණත් ව්‍යාපාරික ස්ථාන මහා පරිමාණ ජල දූෂණ සිදුකරනවා. මේවාට ලිහිල් දීමෙන් රටේ ජනතාවට ඉක්මන් මරණය වගේම වකුගඩු පිළිකා සඳහා රටේ මුදල් වැයවෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site