IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉදිරි මාස හතරේදී ජනපතිට අමාත්‍යාංශවලට මුදල් වෙන්වන්නේ මෙහෙමයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට අද  ඉදිරිපත් කරන ලද විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි හතළිස් හත් දහස් නවසිය හතළිස් තුනකින් වැඩිවී ඇත.

මෙම වසරට අදාළව  පසුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත්කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම වූයේ රුපියල් දෙලක්ෂ හැත්තෑ නව දහස් හයසිය හතළිස් හතර කෝටි හැට පන් ලක්ෂ පනස් අට දහසකි.

සංශෝධන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම රුපියල් තුන්ලක්ෂ විසිහත් දහස් පන්සිය අසූ හත් කෝටි හැට පන්ලක්ෂ පනස් අට දහසක් දක්වා  වැඩිවී ඇත.

මෙම සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සඳහා වෙන් කර ඇති  මුදල රුපියල් එක් දහස් තුන්සිය හතළිස් හතර කෝටි පනස් එක් ලක්ෂයකි.

මුදල් අමාත්‍යාංශය සඳහා වෙන්කෙරෙන මුදල රුපියල්  කෝටි හතළිස් හයදහස් හත්සිය විස්සකට අධික  වන අතර  රුපියල් කෝටි තිස් හත් දහස් හයසිය තිස්දෙකකට අධික මුදලක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇත.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති  මුදල රුපියල් කෝටි දෙදහස් එකසිය දහතුනකට ආසන්නය.

රුපියල් කෝටි විසිහතර දහස් අටසිය හතකට ආසන්න මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති  අතර රුපියල් කෝටි නවසිය තිස් හතකට අධික මුදලක් වෙළෙඳ අමාත්‍යාංයට වෙන් කර ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් දහස් හත්සිය දහයයකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි දහතුන් දහස් අටසිය පනස් හයකට අධික මුදලක් ද වෙන් කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි දෙදහස් හත්සිය හැට හතකට ආසන්න ය.

සංශෝධනය අනුව  රුපියල් කෝටි දෙදහස් පන්සිය විස්සකට අධික මුදලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට වෙන් කර ඇති  අතර අධ්‍යාපන අමාත්‍යාංශයට  වෙන් කර ඇති මුදල රුපියල් කෝටි විසි දහසකි.

විසර්ජන පනත අනුව වැඩිම මුදල වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටය. එම අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල  රුපියල් කෝටි හැත්තෑ තුන් දහස් හාරසිය හැට අටකට ආසන්න මුදලකි.



අදහස් (3)

ඉදිරි මාස හතරේදී ජනපතිට අමාත්‍යාංශවලට මුදල් වෙන්වන්නේ මෙහෙමයි

පළා බබා Tuesday, 09 August 2022 08:17 PM

වැඩිම මුදලක් වෙන් කර ඇති අමාත්‍යාංශයේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ JR ඇති කල සුදු අලි නඩත්තු සදහා වෙන්න පුළුවන්?

:       2       4

pakeer Tuesday, 09 August 2022 09:22 PM

පරිගණක වලට නම් මුදල් වෙන් කරන්න එපා...ඕන තරම් තියෙනවා...බිලියන ගානක ලයිසන් තියෙනවා අවුරුදු ගණන් නිකන් පාවිච්චි නොකර. මම දන්නා නිසයි කියන්නේ.

:       2       8

Hasanka Wednesday, 10 August 2022 09:31 AM

මොන විකාරයක්ද මේ? මේ වගේ ගණන් කියද්දී ඉලක්කමෙන් දාන්න. තවම කෝටි ලක්ෂ ගණන් නැතුව මිලියන බිලියන වලින් කියන්න බැරිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21895 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18110 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10841 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 534 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 164 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site