IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපයේදී ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.

සෙසු පළාත්වලද මිලිමීටර 75ක පමණ වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.

ඉදිරි දිනවලදීද මෙම වැසි තත්ත්වය බලාපොරොත්තු වන අතර විටින් විට අඩු වැඩි වෙමින් නොවැම්බර් මස දෙවැනි සතිය දක්වාම දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට වැසි ඇතිවනු ඇතැයි ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ සිටීමෙන් වැළකීම, කුඹුරු, තේ වතු, ක‍්‍රීඩා පිටි, ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳීමෙන් වැළකීම, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීම ආදී ආරක්‍ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද (20) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 110.8 ක වර්ෂාපතනයක් යාපනය දිස්ත‍්‍රික්කයේ අච්චුවේලි ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.



අදහස් (0)

ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site