IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බැංකු සේවක සංගම් 19ක් වර්ජනයකට සැරසේ

(නිමල කොඩිතුවක්කු)
 
විශ‍්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප‍්‍රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් 19ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කොළඹදී පැවැසීය.
 
තම ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී ලිඛිතව සහ වාචිකව මුදල් අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද හෙතෙම සඳහන් කළේය.
 
මරදාන පන්සල පාර පිහිටි ලංකා බැකු සේවක සංගම් කාර්යාලයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් සේනානායක මහතා මේ බව පැවැසීය.
 
රාජ්‍ය බැංකුවලට 1996න් පසු බැදුණු සේවකයන්ට ස්ථාපිත කර ඇති  විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදයන්හි  පවතින ගැටලු සහ නව අදායම් පනත මගින් සේවක සුභ සාධන ප‍්‍රතිලාභ මත උපයනවිට ගෙවීම්  බදු පැනවීමට එරෙහිව  මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරත වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
 
මේ සම්බන්ධයෙන් ලබන 20 වනදා මුදල් අමාත්‍යංශය සමග අවසන් සාකච්ඡා පවත්වන බව පැවසූ ඒ මහතා එහිදී විසඳුමක් නොලදහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා සිය වෘත්තිය ක‍්‍රියාමාර්ග මෙහෙයවන බව පැවසීය.
 
මෙම අවස්ථාවට  ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා,  රජයේ සහ පෞද්ගලික බැංකු සේවක නියෝජිතවරු ඇතුලූ පිරිසක් එක්වූහ.



අදහස් (7)

බැංකු සේවක සංගම් 19ක් වර්ජනයකට සැරසේ

SHAN Monday, 17 June 2019 11:55 AM

බැංකු සේවකයන් මේ කරන වර්ජනය කුමන කාලයකට බල පාන්නේද දැන්ව සිටියොත් හොදා නැත්නම් අප පිට රටවල සිට එවන මුදල් පවුල්වල අයට ලබා ගැනීමට නොහැකි වීම නිසා ගැටළු ඇති වෙනවා නැත්නම් අපට ලංකාවේ බැංකු වලට එවීම අත් හිටවීමට සිදුවනවා

:       1       19

Raveendra Monday, 17 June 2019 02:21 PM

මේ අනුන්ගේ මුදල්වලින් ජැන්ඩියට ටයි, කෝට් ඇඳ පැළඳගෙන ඉංග්‍රීසි චුට්ටක් කටේ ගාගෙන එනවා අපේ කටේම උලන්න....

:       2       83

JagsMonday, 17 June 2019 05:28 PM

ඉතින් ඔයා සල්ලි ටික ළඟ තියාගෙන ඉන්නකෝ. මොකටද බැංකුවේ දාන්නේ...? අනේ නිකන් යන්න... හැම රෙද්දෙම අඩුපාඩු දකින හරක් වැඩ කරන අය හින්දා තමයි අද රටට මෙහෙම කෙලවෙලා තියෙන්නේ...

:       0       0

mohan Monday, 17 June 2019 02:56 PM

පෙන්ෂන් එකයි, ඊ.පී.එෆ්. එකයි ඕනෙවෙන්නේ බැංකු සේවකයන්ට විතරයිද?

:       2       11

සෙනෙවිරත්න Monday, 17 June 2019 06:16 PM

ලද දෙයින් සතුටු වීමට පුරුදු විය යුතුය

:       10       15

දිමුත් Tuesday, 18 June 2019 10:52 AM

මේගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ මදිවටද? ඒ මදිවට අවුරුද්දකට වැඩිම නිවාඩු ලබාගන්න ක්ෂේත්‍රයත් මේගොල්ලොමයි.

:       0       0

keshara kottegoda Thursday, 20 June 2019 11:15 AM

මේ කියන විදියට බැංකු සේවකයන්ගේ විතරක් නෙවෙයි හැමෝගෙම වැටුපෙන් මේ බද්ද ගන්නවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site