
(ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ, ජේ.කේ.එල්. චාමින්ද සහ රවී ලියනගේ)
හබරාදුව හරුමල්ගොඩ ඛෙත්තාරාම විහාරස්ථානය අසල ලිඳක දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනෙකු අද (03) සවස ලිඳට වැටි ඇති බවත් තිදෙනෙක් බේරාගෙන ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි.
මෙම සිසුන් නෑමට පැමිණ ලිං බැම්මේ වාඩිවි සිටියදි එක් වරම බැම්ම කඩාගෙන ලිඳට වැටි ඇති අතර සිද්ධිය දැනගත් ප්‍ර දේශවාසීන් පැමිණ තිදෙනෙකු බේරාගෙන ගොඩට ගෙන ඇතත් එක් අයෙකු සොයා ගැනිමට නොහැකිවි ඇත.පසුව ප්‍ර දේශවාසීන් එක්ව ලිඳ හිස්කර ලිංපතුලේ සිරවි සිටි ළමයා ගොඩට ගෙන රෝහල්ගත කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd