
(අංජුල මහික වීරරත්න)
උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා ඇත.
යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් ඇතුලත අදාල ගැටලුව විසඳිය යුතු බවට ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාල කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබේ.
2009 වර්ෂය වන විට ආරක්ෂක හමුදා සතුව ජනතාවගේ ඉඩම් අක්කර 23,850.72 ක් පැවැති අතර මෙම වසර මුල වන විට එම ඉඩම් වලින් අක්කර 20,755.52 ක් මුදා හැර තිබේ. තවත් අක්කර 106 ක භූමි ප්‍රමාණයන් 2023 පෙබරවාරි මාසයේ මුදා හැර ඇත.
තවත් අක්කර 2989.80 ක් ජනතාවට මුදා හැරීම වෙනුවෙන් හදුනාගෙන තිබෙන අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටලු වලට විසඳුම් ලබා දීමෙන් අනතුරුව එම ඉඩම් ප්‍රමාණය ද නිදහස් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාරම්පරික ඉඩම් ජනතාවට මුදා හැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් මෙම කාර්යාලය ස්ථාපිත කොට තිබේ.
COMMENTS
උතුරේ හිටිය සිංහලයින්ගේ ඉඩම් වලට සාධාරණයක් වෙනවද? එක පළාතකට විතරක් මොකටද තේසවලමේ නීතිය. එය ඉවත් කරනවාද?
ඡන්දෙන් පැරදිලා මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැතුව හිටපු කුණු කුඩේට විසිවෙලා කොහේ ඉඳන් ආපු අයද මේ? මේ රටේ අනාගතයට බලපාන ප්‍රශ්න ගැන මහා ලොකුවට තීරණ ගන්න ලොකු ලොක්කෝ වෙලා ඉන්නේ... මේක තමයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලොකුම දුර්වලතාවය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊළඟ සංශෝධනයකදී වත් මේ හොර පාරවල් අහුරලා දාන්න ඕනෑ...
රට කනවෝ... ඡන්දෙ ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරන අය එළවමු...
යුද්ධය කරපු රණවිරුවන්ටත් ඉඩම් කෑලි තූත්තු කුඩියෙන් හරි දුන්නා නම් හොඳයි. ඒ කෙසේ වෙතත් රණවිරුවන් බේරලා දුන්නු රටේ දේශපාලන ව්‍යවසායකයින් සහ එයාලගේ බබීලා බේබිලා හරිම ලස්සනට ගෙවල් පිටින් ඉඩම් අල්ලන් කොළඹ හතෙන්ම... අසාධාරණය ඔඩු දුවලා....