(රන්ජන් කස්තුරි)
රටපුරා සියලු පාසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම පාසල් මෙම 30 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අද රැස්වී කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දිවයිනේ සියලු පාසල් හා උපකාර පන්ති අප්‍රේල් 30 වැනි දා තෙක් වසා තැබීමට තීරණය ගෙන ඇත.
COMMENTS
අර විහිළු ගැසට වගේම තමයි මේවත්. දවස් කීපයකට කළින් ලොකු කතා දැම්මා පාසල් වහන්නේ නැහැ කියලා. දැන් වහලා. මේ ආණ්ඩුවේ ඔක්කොම රිවර්ස් තමයි. හරියට කරුණු හොයලා බලලා ප්‍රකාශයක් කරන්න තරම් වත් මොලයක් නැහැ.
සතියක් පාසල් වහලා කොරෝනා අවසන් කරන්ඩ... කරුණාකරලා එන්නත් කරන්න
අප මේ තීරණය ගත යුතු බව කල්තියා පෙන්වා දුන්නා. කෙකර ගගා ඉන්නේ නැතිව මුලින්ම මේ වැඩේ කරා නම් ඉවරයිනේ ...
අවුරුද්දට පසුව තවත් සති2ක් එක දිගටම සියලුම පාසල් විවෘත නොකර හිටියනම් මෙච්චර කලබලයක් ඇතිවෙන්නෙ නෑ නේද. ????
මේ තමයි කොරෝනා අවදානම තිබියදීත් නිදහසේ නෑ ගමන්, සාප්පු සවාරි, විනෝද චාරිකා යමින් අවුරුදු සැමරීමේ ප්‍රතිඵල... මේ තත්වයට වගකිව යුත්තේ රජය නොව, රටේ මිනිසුන්මයි. තමන් අනාරක්ෂිතව සිට, රෝගය පැතිරුණාට පසු, එහි වරද රජයට පැවරීම මිනිසුන්ගේ සිරිත වී ඇත. රටේ මිනිසුන්ට හැමදේම තොත්ත බබාලාට මෙන් ඇඟිල්ලෙන් ඇන කියාදෙන්න ඕනේද?
තීරණයක් ගන්න කොන්දක් නැති ආණ්ඩුවල් පැයෙන් පැයට ගැසට් ගහනවා.
ඕක තමයි අපි මුල ඉඳන් කිව්වේ... නියමිත වෙලාවට හරි තීන්දුවක් ගන්නේ නැතිව නිකං සවුත්තු වෙනවා. මහාචාර්යවරු දෙන්නෙක් ඉන්න අමාත්‍යාංශයක්. වැඩ නම් බිංදුවයි.