IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංගමේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරුට ස්ථාන මාරුවක්

 

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකාර වසන්ත එදිරිසංහ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ ප්‍රදේශය කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ව්‍යාජ අධ්‍යාපන සහතික පත්‍ර ඉදිරිපත් කර උසස්වීම් ලබාගැනීම ඇතුළු විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන 100 කට අධික ප්‍රමාණයක් සිදුකරමින් තිබියදී ඒ මහතාට මෙම ස්ථාන මාරුව ලැබී තිබේ.

වෘත්තීය සමිති නියෝජිතයන් සම්බන්ධ විමර්ශන රැසක් ඒ අතර ඇති බවද ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අමතරව ප්‍රධාන ආරක්ෂක නිලධාරී තනතුරේ සහ විශේෂ විමර්ශන ඒකකයේ කටයුතු කළ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියකු වන ඉන්දික චන්දිමාල් සිල්වා මහතා වරකපොළ  උප ඩිපෝව වෙත මාරුකර යවා ඇත.

ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පාලන ලෙස ද  කලක් කටයුතු කළේය.

මෙම ස්ථාන මාරුවීම හේතුවෙන් එම සියලුම විමර්ශන වලට බාධා එල්ල වී ඇති අතර එම තනතුරු සඳහා මෙතෙක් කිසිවකුත් පත්කර නොමැති වීමද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සාගර වඩුගේ මහතාගෙන්  කළ විමසීමකදී එම නිලධාරීන් වෙත ස්තාන මාරුවීම් ලබාදී ඇති බව තහවුරු කළේය.



අදහස් (1)

ලංගමේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරුට ස්ථාන මාරුවක්

මුණසිංහ Monday, 14 September 2020 12:31 PM

ආ.. එහෙමත් එකක් තිබිලා තියෙනවා. අදයි දන්නේ...!

:       28       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31286 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13480 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site