(යොහාන් භාසුර)
විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය සහ පෙර ලියාපදිංචිය දීර්ඝ කරගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සළසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙහිදී රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ ඇති Online Self Registration සබැඳියට පිවිසීමෙන් අදාල සේවාව ලබාගත හැකි බවත් මෙම පහසුකම භාවිතා කිරීමෙන් ස්වයං ලියාපදිංචියකදී කාර්යාංශයට ලබාදිය යුතු ලිපි ලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳව පූර්ව තහවුරුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගැනීමට හැකි බවත් එම කාර්යංශය කියයි.
මෙම මාර්ගගත පහසුකම භාවිතා කිරීමෙන් විදේශ රැකියා සඳහා ගුවන් ගතවන දිනයේදී ගුවන් තොටුපොල කාර්යාංශ ඒකකය මගින් දෙනු ලබන සේවාවන් පමාවකින් තොරව ලබාගැනීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව සැලසෙන බව කියන එම කාර්යංශය වැඩි විස්තර කාර්යාංශයේ පැය 24 සේවාවට 1989 ඔස්සේ ඇමතීමෙන් ලබාගත හැකිය.
2025 නොවැම්බර් මස 04
368
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1641
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්වයං විදේශ රැකියාවට ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය
Saman Monday, 27 March 2023 11:35 AM
පරිගණක පද්දතියේ දෝෂ වෙයි. අයදුම්පත භාගත කරගත නොහැක.
Kg susantha Saturday, 20 January 2024 05:13 PM
ඉතා හොඳයි...!