(ඉන්දිකා රාමනායක)
ආබාධිත රියැදුරකු පැදවූ ත්‍රිරෝද රථයකින් කුළී ගමනක් ගොස් ඒ සදහා වු රුපියල් 2500 ක කුලී මුදල ඉල්ලා සිටි අවස්ථාවේ එම මුදල නොදී අබාධිත රියදුරුට පහර දී පලා යාමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනකු අල්ලා තලංගම පොලිසියට බාරදීමට අවට පිරිස් කටයුතු කළහ.
මෙම සැකකරුවන් කොට්ටාව නගරයේ සිට තලවතුගොඩට යාම සදහා මෙම කුලී රථයට ගොඩ වී ඇති බවත්, ඔවුන් තලවතුගොඩ ගොස්, බත්තරමුල්ලට පැමිණ, යලිත් කොට්ටාවට ගොස් ඔවුන්ගේ ඉල්ලීමට නැවතත් තලවතුගොඩ ප්‍රදේශයේ බැංකුවක් වෙත පැමිණ ඇත.
බැංකුව අසලට පැමිණි පසු ත්‍රිරෝද රථ රියදුරු සැකකරුවන්ගෙන් ත්‍රිරෝද රථ ගාස්තුව ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් පලායාමට උත්සහ ගෙන ඇති අතර ත්‍රිරෝද රථ රියදුරු ඔවුන් සමග පොර බැදීමට යාමේ දී සැකකරුවන් දෙදෙනා රියදුරුට බිම දමාගෙන පහර දී ඇති බවත්ද පොලිසිය පවසයි.
සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරුට පහර දෙන දුටු බැංකුව වෙත පැමිණි සිටි කාන්තාවක් එම ස්ථානයට පැමිණ සැකකරුවන්ට ට බැන වදිමින් පහර දී ඇති අතර සැකකරුවන් අයට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට තැත් කිරීමේ අවට පිරිස එම ස්ථානයට එක් රොක් වී ඇත.
එම පිරිස සැකකරුවන්ට පහර දී ඔවුන් අල්ලා ඒ අසල රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් වෙත බාර දී ඇත. සැකකරුවන් කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
918
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කුලිය වෙනුවට ගුටි දීලා: අම්බානකට ගුටි කයි
මගියෙක් Saturday, 03 December 2022 11:19 PM
නිර්භීත කාන්තාවටයි, ඔව්න් අල්ලා ගැනීමට උදව් කළ සැමට අපගේ ගෞරවය