
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන "ආමි කමල්" නැමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනකු හෙරොයින් මත්කුඩු සහ හමුදා නිල ඇඳුම් සමඟ වැලිපැන්න හේන්පිට ප්‍රදේශයේ දී අද (14) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් සහ හමුදා නිල ඇඳුම් කට්ටල් දෙකක් ඔවුන් සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.
වැලිපැන්න පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.