(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය සදහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඒ මහතා බ‍්‍රහස්පතින්දා (13) දිනයේදී වැඩ බාරගැනීමට නියමිතය.
ඔබේ සිනා ළඟ සිත නැවතුණ දා, ඔබ මා හමුවේනම්, සාගර තරංගා වැනි රසිකයන් අතර අතිශය ජනප‍්‍රියත්වයට පත් ගීත රාශියක් ගායනා කර ඇති ඒ මහතා ගීත කිහිපයක් සඳහා තනු නිර්මාණයෙන් ද දායකවී ඇති අතර ටෙලි නාට්‍ය කිහිපයක් සදහා රංගනයෙන්ද දායකවී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු සදහන් කර සිටියේ කලාවේ විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කළ දැවැන්තයන් බිහිකළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවය. එමෙන්ම ගුවන් විදුලියේ අභිමානය සුරැකෙන අකාරයෙන් තමන් කටයුතු කරන බවද ඔහු කීය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය මස 30 වැනිදා වැඩ බාරගත් රෝහණ දේව පෙරේරා මහතා මේ මස 5 වැනිදා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
COMMENTS
සුභ පැතුම් !
හද බැඳී ගායකයෙක් වන ජගත් වික්‍රමසිංහට තිබෙන පරිපාලන අත්දැකීම් මොනවාද? කිසිම පරිපාලන අත්දැකීමක් නැති මොහු මෙතරම් විශාල සහ සංකීර්ණ ආයතනයක් පාලනය කරන්නේ කෙසේද? මට නම් හිතෙන්නේ රැකියා වලට පුද්ගලයින් තෝරණ වියත් මණ්ඩලය මාරු කරන්න ඕනේ කියලයි.
හොඳ තීරණයක්.
ගැලපෙන පුද්ගලයෙක්..., කලින් පත්කරපු අයට වඩා ගොඩක්ම හොඳ කෙනෙක්....
මගේ බුදු මාමණ්ඩිට මොකද වුනේ?
රෝහණ දේව පෙරේරාව අයින් කරලා ජගත් වික්‍රමසිංහව පත් කරන්න හේතුව මොකක්ද? ජගත් ලස්සන සින්දු ටිකක් කියපු හින්දද? විශාරද හින්දද? ජගත් වික්‍රමසිංහගේ සින්දු වලට මමත් කැමතියි. හැබැයි රෝහණ දේව පෙරේරාට වඩා ඉහලින් තෝරා ගන්න ජගත්ට තියෙන සුදුසුකම මොකක්ද? රෝහණ දේව පෙරේරා සමාජය වෙනුවෙන් විශාල සේවයක් කරපු කලාකරුවෙක්. විශේෂිත අබාධිත දරුවන් ගැන කියන "හඳුනාගන්න මා" සහ ඔහු අධ්‍යක්ෂණය කළ වේදිකා නිර්මාණ එක්ක බලපුවහම ජගත් වික්‍රමසිංහට ඔහුත් එක්ක හැරෙන්නවත් බැහැ. මේක තමයි ලංකාවට තියෙන ප්‍රශ්නේ. මේකත් හරියට බිම් මට්ටමයි වියත් මඟයි අතර වෙනස වගේ.
දාම් පෙතේ ඉත්තෝ වගේ සංස්ථා ලොක්කන් එහෙ මෙහෙ කරලා ආයතන හදන එක මේ රජයට පුරුදු කරේ හිටපු සිරිසේන ගොයියා නොවේද ? ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මේ තනතුරට පත්කරේ දින කීයක කොන්ත්‍රාත්තුවක් මතද කියා ජනතාව බලා සිටී.
ඔබතුම පක්ෂ බේදයකින් තොරව හැමෝම ගරු කරන ගායකයෙක්. එමනිසා මෙය දේශ පාලන පත්වීමක් වුනත් පක්ෂග්‍රාහී නොවී හොද ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරොත් ඔය හොඳ නම හැමදාම තියා ගන්න පුළුවන් වේවි. නැතිනම් අර කුනුගොඩටම වැටේවි.
ජගත් මහත්මයා සුභ පැතුම්.! ඔයාගෙන් සාධාරණ සේවයක් රටම බලාපොරොත්තු වෙනවා.
බොහොම කාලෙකට පස්සේ කාටත් සතුටු වෙන්න පුළුවන් පත්වීමක් මේක ! ඇත්තටම සතුටුයී