IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්ධන හිඟයෙන් තේ කම්හල් ටිකත් කොට උඩ

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රමාණවත් ඉන්ධන තොග ඉදිරි දින කිහිපයේදී නොලැබුණහොත් රට පුරා ( දිස්ත්‍රික්ක 7ක)  සියලු තේ  කර්මාන්ත ශාලා වැසී යෑමේ  බරපතළ අවදානමක් පවතින බව තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.

රට පුරාම පෞද්ගලික තේ කම්හල් දෙසිය හැට හතරක් සහ වැවිලි සමාගම යටතේවූ සහ  සාමාජිකයන්  නොවන  කම්හල් තවත් දෙසිය පනහක්  පමණ  ක්‍රියාත්මක වේ.

සමහර  තේ කම්හල් හිමියන් ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවා ඇතත් ඉන්ධන ලබාදීම මේ දක්වාම සිදුවී නැති බවත් ඛනිජ තෙල් සංස්ථාවෙන් තේ කර්මාන්තයට ලැබෙන සහයෝගය  ප්‍රමාණවත් නැති බවත්  සභාපතිවරයා කීවේය.

ඉන්ධන ප්‍රශ්නය සහ විදුලිය කැපීම හේතුවෙන්  දිවයිනේ සමහර ප්‍රදේශවල කර්මාන්තශාලා ක්‍රියාත්මක වන්නේ සතියේ  දින හතරක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන ප්‍රශ්න හේතුවෙන් තේ දලු ප්‍රවාහන   කටයුතුද  අඩපණවී ඇතැයි  වාර්තා වේ.

මේ අතර විදුලිය කප්පාදුව නිසාද තේ කර්මාන්තශාලා බරපතළ අර්බුදයකට වැටී ඇතැයි සඳහන් කළ ලයනල් හේරත් මහතා විදේශ විනිමය වැඩි වශයෙන් ලැබෙන තේ කර්මාන්තයේ ප්‍රශ්න ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

රටපුරා කුඩා තේ වතු හිමියන් ලක්ෂ හතරක් සහ  තේ කර්මාන්තය ආශ්‍රිත වක්‍ර රැකියාවන්හි නියැළෙන   ලක්ෂ විස්සකට ආසන්න පිරිසක්  මේ තත්වය හමුවේ බරපතළ පීඩාවකට ලක්ව  සිටින බව තේ කම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

තේ කර්මාන්තශාලා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක්  මෙයට පෙර ආරම්භ වුවත් එය අසාර්ථකවූ බවද සංගමය සඳහන් කරයි.



අදහස් (3)

ඉන්ධන හිඟයෙන් තේ කම්හල් ටිකත් කොට උඩ

pakeer Friday, 01 July 2022 10:33 PM

අපි සාමාන්‍ය මිනිස්සු වෙලත් මේවා කළින්ම දැනන් හිටියා... ඒත් මේ මහලොකු මොල හතා මේවා දැක්කේ නැහැ. ඒ අය දැක්කේ කොහොම හරි හොරකම් කරන එක විතරයි.

:       0       3

ab Saturday, 02 July 2022 06:40 AM

කෘෂිබෝග වගාවන් පුළුල් කිරීමට නම් පළාත් මට්ටමෙන් අලෙවි කරන්නා වූ එළවලු සහ වෙනත් බීජ වර්ග පළාත් මට්ටමෙන් (ප්‍රාදේශීය ලේකම් හෝ ගොවිජන සේවා) අලෙවි කිරීමට සලසා දීමෙන් ගොවීන්ට හෝ ඕනෑම පුද්ගලයකුට මිලදී ගත හැකිය...

:       0       0

චින්තක Saturday, 02 July 2022 01:29 PM

අදහස් එවන්න කිව්වට එවනවා මිස එවන අදහස් කෙනෙකුට බලන්න දෙන්නේ නැහැ. නමුත් රට ගැන තියෙන කැක්කුම නිසා අදහස් දෙනවා. ඇත්තටම සුද්දා පුරුදුකළ වැවිලි ක්ෂේත්‍රය හා ප්‍රේමදාස ජනාධිපති ඇතිකළ ඇඟලුම් නැත්නම් මේ රට මේ වනවිටත් වල පල්ලට ගොස් අවසන්... ඉහළින් ලැබෙන නියෝගය ක්‍රියාත්මක කරපු හමුදා නිළධාරියෙක් පාලකයා කිරීමට වියතුන් යැයි සිතට ගත් මුග්ධයින් පිරිසක් කොපමණ දැඟලුවාද? 1956 දී කැළණිය මූලික වෙලා ආණ්ඩුව හැදුවා මොකද වුනේ? නැවත 2019 කැළණිය නයි නටවා ආණ්ඩුව හැදුවා රටම ඉවරයි.. දැන් කියන්න වෙන්නේ උපන්දා සිට කියලා නොවෙයි. නිදහසේ සිට තිබුණු රට නැත පෙරට ආවොත් කැළණියෙන් කියලයි. රටට මේ විනාශය ඇතිකළ අනාගත පරපුරේ විනාශයට මං පෑදූ අයට ශාපවේවා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site