IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ජේතවන ස්තූපයේ අකුණු සන්නායකයට හානි කරයි

(අතුල බණ්ඩාර)

අනුරාධපුරයේ ඓතිහාසික ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකයට හානි සිදුකොට ඊට නුදුරින් තිබෙන පෞරාණික අතින් වැදගත් යතුරු පොකුණ පතුලේ ගල් පුවරු ගැලවූ පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ හීරෝ පොලිස් නිල සුනඛයාගේ සහායද ඇතිව උඩමළුව පොලිස් ස්ථානයේ නිලධාරීන් රුවන්මැලිසෑය පොලිස් මුරපොළේ නිලධාරීන් සමග එක්ව අත්අඩංගුවට ගත් මේ සැකකරු හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයකු බව අනාවරණය වී තිබේ.
 
ජේතවන ස්ථූපයේ දකුණු ආසන්නයේ පහළම පේසාවළල්ලෙන් සලපතල මළුව තුළට භූගත කර තිබෙන අකුණු සන්නායකයේ තඹ පටිය ගැලවීමට සැකකරු දැරූ උත්සාහයේදී එම ස්ථානයට සුළුහානි සිදුවී තිබේ.
 
සංරක්ෂණය කර තිබෙන යතුරු පොකුණේ පතුලට බැසීමට හැකි වන අයුරින් සකස් කර තිබෙන පඩි පෙළ පාමුළ අතුරා තිබූ ගල් පුවරු ගැලවීම නිසා ඒවා වෙනස් වී තිබේ.

ඉකුත් 06 වැනිදා රාත්‍රියේ සැකකරු සිදුකර තිබූ මේ හානි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතියේ සේවකයින් දැක ඇත්තේ (07) උදේ වරුවේදීය.

ඔවුන් ඒ බව එහි ආරක්ෂක අංශයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු එම නිලධාරීන් ජේතවන ව්‍යාපෘතියේ කළමනාකාර එච්.එම්.එම්. හේරත් මහතාට දැනුම් දී තිබිණි. ඒ මහතා පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිදුකර තිබෙන පුරාවස්තු හානිය ගැන අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබිණි.
 
යතුරු පොකුණේ ගල් පුවරු දෙකක් අතර ඔබා තිබූ මුදල් පසුම්බියක් හමුවී තිබුණු අතර එම මුදල් පසුම්බියේ සැකකරුගේ ජාතික හැඳුනුම්පතද තිබී ඇත. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් හීරෝ නිල සුනඛයාට එම මුදල් පසුම්බිය ඉවකරන්නට දුන් පසු සුනඛයා ඉව ඔස්සේ ජේතවන ස්ථූපය ආසන්නයේ රථ ගාලේ පොදු වැසිකිළිය ළඟට ගොස් නැවතී තිබිණි.

අදාළ හැඳුනුම්පත රථ ගාලේ වෙළඳාම් කරන පුද්ගලයින්ට පෙන්වා ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳ විමසීමේදී 7 දා පෙරවරුවේ ඔහු ඒ අවට ගැවසුණු බව ඔවුන් පවසා ඇත. වැඩිදුරටත් පරීක්ෂණ කිරීමේදී අවට කැලෑ ප්‍රදේශයක සිටි සැකකරු හසුවී ඔහුගේ මුදල් පසුම්බිය හා ජාතික හැඳුනුම්පත ඔහුට පෙන්වූ විට එය තමන්ගේ බව ඔහු පිළිගත් බවත් අකුණු සන්නාහකය ගැලවීමට සහ යතුරු පොකුණේ ගල් පුවරු ගැලවීමට උත්සාහ කළේ තමන් බව ඔහු පිළිගත් බවත් පොලීිසිය කියයි.
 
ප්‍රශ්න කරද්දී සැකකරු මානසික රෝගියෙකු ලෙස හැසිරුණු බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු අනුරාධපුර මූලස්ථාන පොලීසියට බාර දුන් බවත් උඩමළුව පොලීසිය පවසයි.

උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත සහ අනුරාධපුර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක යන මහත්වරුන්ගේ උපදෙස් අනුව උඩමළුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමතිලක මහතාගේ මෙහෙයවීම මත රුවන්වැලි සෑය පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ධර්මසිරි, උපපොලිස් පරීක්ෂක සමන් ජයසිංහ, සැරයන් ජගත් (33614), කොස්තාපල්වරුන් වන ආනන්ද (58345), දේශප්‍රිය (33616) සහ පොලිස් නිල සුනඛ හීරෝ බාරව සිටින කොස්තාපල් සධීර (81170) යන මහත්වරු මේ ගැන පරීක්ෂණ සිදුකොට සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.



අදහස් (7)

ජේතවන ස්තූපයේ අකුණු සන්නායකයට හානි කරයි

sharm warn Thursday, 10 October 2019 06:34 AM

අපි අහලා තිබුනේ නම් " ජේතවනාරාමෙට ගල් ගහපු අය" ගැන .. මේ මිනිස්සු මොන මිනිස්සුද ?? පලවෙනි වැරදිකාරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. නිසි පරිපාලනයක් නැතුව අතිශය වැදගත් පුරාන ස්ථාන දෙලොවට ම නැතුව අනාරක්ෂිතව තියා තිබෙනවාට ...

:       18       174

සේන Thursday, 10 October 2019 07:17 AM

මෙය සුළුකොට නොතකා ඔහු ප්‍රසිද්ධ කර, නිසි දඬුවම් දී නැවත මෙවැන්නක් සිදු නොවීමට අවශ්‍ය සියලු කටයුතු බලධාරීන් විසින් ගනීවියැයි සමස්ථ ජනතාව විශ්වාස කරති.

:       17       111

ලසන්ත Thursday, 10 October 2019 07:37 AM

හොඳ වෙලාවට සැකකරු ජාතික හැඳුනුම්පත හා පසුම්බිය තියලා ගියේ. එහෙම නොවුණා නම් පොලිසියට බොහෝ කල් භාවනා වඩලා, පරචිත්ත විජානන ඥානය එහෙම ලබල තමයි සැකකරුවා හොයාගන්න වෙන්නේ...

:       27       153

MaheeThursday, 10 October 2019 09:47 AM

අම්මප ඔව්, අවංක හොරෙක්. ඒවගේම මානසික රෝගියෙක් වශයෙනුත් හැසිරුනාලු. සමහරවිට මෙලෝ දෙයක් මතක නැතුවත් ඇති. ඒ කියන්නේ මෙයා ගැළපෙන්නෙම මීට වඩා උසස් තානාන්තරේකටයි. දැන් ඉතින් ලොකු එකට කල් පහුවෙලා. හින්ද ඊලඟට එන පොඩි එකකටවත් ඉදිරිපත් වුනොත් ජය නියතයි. "දිනක ජය නියත, රැඳෙමු හොරකම මත!

:       0       34

mahinda raja Thursday, 10 October 2019 09:10 AM

පොහොට්ටුවේ කෙනෙක් වෙන්න ඇති

:       92       41

Thambi Thursday, 10 October 2019 10:55 AM

පොර මුස්ලිම් කෙනෙක් නෙවෙයි, මගෙ හිතේ.... ඒකයි නම දාලා නැත්තේ නේද?

:       0       10

ලංකාපුත්‍රFriday, 11 October 2019 12:38 AM

උතුරු නැගෙනහිර පලාත්වල බෞද්ධ වෙහෙරවිහාර හිංදු කෝවිල් කියමින් විවිධ විනාශ කරනවා වගේ දැන් දැන් අනුරාදපුරේ විහාරත් මානසික රෝගී බව පෙන්වමින් විනාශ කරනවාදැයි බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 826 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 955 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site