IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාර්ග ආරක්‍ෂව පිළිබඳ ජාතික සභාවේ රක්‍ෂණ සමාගම් දායකය වැඩි කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සියලුම වර්ගයේ වාහන සඳහා රක්‍ෂණ සමාගම් නිකුත්කරන තුන්වැනි පංතියේ සෑම රක්‍ෂණ ආවරණයකින්ම මාර්ග ආරක්‍ෂව පිළිබඳ ජාතික සභාවට මෙතෙක් ලැබුණු සියයට එකක ප්‍රතිශතය සියයට දෙකක් බවට පත්කරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1998 අංක 5 දරණ මෝටර් වාහන සංශෝධන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යංශය පවත්වාගෙන යන මාර්ග ආරක්‍ෂව පිළිබඳ ජාතික සභා අරමුදලේ මූලිකම කාර්ය වන්නේ හදුනානොගත් වහනවලින් සිදුවන අනතුරු සඳහා වන්දි ගෙවීම වන අතර  2004 නොවැම්බර් 24 දින අංක 1368/18 දරණ ගැසට් පත්‍රයට අනුව රක්ෂණ සමාගම් තෙවන පාර්ශවීය රක්ෂණයන්ගෙන් සියයට එකක මුදලකින් මෙම අරමුදලට දායක විය යුතු බවට පෙර පැවතුණි.  

මුදල් අමාත්‍යංශය සහ රක්‍ෂණ සමාගම් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. 



අදහස් (0)

මාර්ග ආරක්‍ෂව පිළිබඳ ජාතික සභාවේ රක්‍ෂණ සමාගම් දායකය වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site