IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


සත්‍ය ගවේෂකයන්ගේ රිට් පෙත්සම කල්යයි

( තිළිණි ද සිල්වා )
 

පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන ජූනි 3 වැනිදා  තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) නියෝග කළේය.

මෙම පෙත්සම  බුවනෙක අලූවිහාරේ , එල්.ටී.බී දෙහිදෙණිය  සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මෙම නියෝග ලබා දෙන ලදී.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥ දිනේෂ් සඳරුවන් ජයවීර මහතා ඇතුළු නම දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.

නීතීඥ පේ‍්‍රමනාත් සී.දොළවත්ත මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

එබැවින් අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ පියවර ගැනීම නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.



අදහස් (0)

සත්‍ය ගවේෂකයන්ගේ රිට් පෙත්සම කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 924 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2541 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site