(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවෙන් විදෙස් මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල් වාට්ටුවේ සිටි රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවන බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා, රිමාන්ඩ් භාරයේ පසුවන ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ,සිරදඩුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතුළු රැඳවියන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ ජේලර්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව වෙනම පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිකඩ අංක 03 වාට්ටුවේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට
රවින් Friday, 25 October 2019 04:36 PM
දෙයියෝ ගෙනැවිත් දීලා වෙන්න ඇති...?
පිටිගල මිලානෝ Saturday, 26 October 2019 03:05 AM
අරයා ආවම දුමින්දයි, තංගල්ලේ සභාපතියි දෙන්නම නැවතත් දේශපාලනයේ. දැන් සැපද කියලා නැවතත් අපිට අපෙන්ම පසු කලක අහගන්න වෙයි.
නුවන් Saturday, 26 October 2019 12:49 PM
එයා ආවොත් දැන් සැපද කියලා අහලා ජීවත් වෙන්න රටක් හරි තියෙයි. ඔයා හිතන නිධාන බහිරවයා ආවොත් උතුරු, නැගෙනහිර යන්නත් වීසා ගන්නවෙයි.
kumara Saturday, 26 October 2019 04:15 AM
අරයා රජ වුණු ගමන් හොරුන්ට, මිනීමරුවන්ට නිදහසේ ජීවත්වීමට රටක්.. ඉක්මණින් බලයට එන්න.
Prabha Saturday, 26 October 2019 08:56 AM
බීපු අයගෙන් නෙමේ ප්‍රශ්න කරන්න ඕනේ. වාට්ටුව භාර නිලධාරීන්ගෙනුයි. සැකකරුවන් සහ දඬුවම් විඳින්නන් එකට ඉන්න එකම රට මේ අපේ සිරි ලංකාව වෙන්න ඇති.