IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වයිරසය ගැන ජනයා අස්ථානයේ බිය නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව අස්ථානයේ බිය නොකර, ඒ සඳහා වන අනතුරු ඇඟවීමකට තමන් සමඟ එක්වන්නැයි  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා සියලු රටවල්වලින් ඉල්ලා සිටී.

ඒ මහතා මේ බව පැවසුවේ, මියුනිච් නුවරදී පැවති සමුළුවකදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

''කොරෝනා වයිරසයෙන් වූ හානිය සලකනවිට, එහි බලපෑම කොයි දිශාවකට ගමන්කරාවිද කියලා අනාවැකි කියන්න බැරි තත්වයක තියෙන්නේ.

මුළු ලෝකයේ ම කාලය චීනය තමන් සතුකරගත්තා. අපි දන්නෙ නෑ තව කොතරම් කාලයක් චීනය අරගනීද කියලා.

මිනිස්සුන්ව අස්ථානයේ බය නොකර ඔවුන්ට වයිරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සඳහා අප සමඟ එක්ව කටයුතු කරන්න කියලා අපි සියලු රටවල්, සමාගම් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා'' යැයිද කීය.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම අද(16) චීනය වෙත පැමිණීමට නියමිතය.

ඔවුන් පළමුව කොරෝනා වයිරසය පැතිර යාම ආරම්භ වූ වූහාන් වෙත යාමට නියමිතව ඇති අතර, පසුව අනෙකුත් නගර වෙත පැමිණ කටයුතු කරනු ඇති බව චීනයේ සෞඛ්‍ය කොමිසම සඳහන් කළේය.

මේ වනවිට වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1665 දක්වා ඉහළ ගොස් ඇති අතර, 68,000කට අධික පිරිසකට වයිරසය ආසාදනය වී ඇත. 
  
(ඒඑෆ්පී/ වොෂින්ටන් පෝස්ට්)

16844



අදහස් (0)

වයිරසය ගැන ජනයා අස්ථානයේ බිය නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site