IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


බෙහෙත් හිඟ කාලෙදී ප්‍රතිශක්තිය වඩවමු

අපි මේ ගත කරන්නේ ඉතාම දුෂ්කර අවදියක් බවට කිසිදු විවාදයක් නැත. ආහාර පාන මෙන්ම හැම දේම මිල ඉහළය. එපම‍නක්ද නොව බොහෝ දෑ හිඟ වෙමින් පවතී. එබඳු කාලයකට අපි හැඩ ගැහෙන්නේ කොහොමද, නිරෝගීතාව රැක ගන්නේ කෙසේද ?

අපි විවිධ ආහාර පරිභෝජනය කරන්නෙමු. ආහාර රටා පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස් වේ. කුසගින්න නිවා ගැනීම ආහාර ගැනීමේ ප්‍රධාන අරමුණ වන අතර සිරුරට සුවතාවද ලබා ගැනීම මින් අපේක්ෂිත අනෙකුත් අරමුණු වේ.

අප ගන්නා අහාර මගින් ශරීරය ලෙඩ නොවී පවත්වා ගත හැකියි. එසේනම් එකම ආහාර වට්ටෝරුව ඉවත් කර විවිධ ආහාර ගැනීමට පුරුදු වන්න. අප ගන්නා ආහාරවල අන්තර්ගත පෝෂණ ගුණය නිසාවෙන් සිරුර ලෙඩ නොවී තබා ගත හැකියි.

සුදු ලූණු යනු එසේ අප නිතරම ආහාර රසවත් කිරීමට යොදා ගැනෙනා දෙයකි. බහුතරයක් දෙනා කැමැති නොවූවද මෙහි ගුණ ගැන ඇසුවොත් ඔබ පුදුම වනවා නොඅනුමානයි.

අන්තර්ගත ගුණ

හෙළ වෙදකමේදී මෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණවලින්ද තහවුරු කර ඇති පරිදි සුදුලූණු යනු ඖෂධීය ප්‍රතිඔක්සිකාරකයකි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි. බැක්ටීරියා , වයිරස සහ දිලීරවලට එරෙහිව ක්‍රියා කිරීමේ විස්මිත හැකියාවෙන් පිරිපුන්ය. හෙළ වෙදකමට අනුව නම් ශරීර බර අඩු කරයි. පරිවෘත්තීය ක්‍රියාවලිය දියුණු කරයි. ආසාදනවලින් ආරක්ෂා කරදේ. සෙම් සහිත රෝගීන්ට ගුණදායකයි. සුදු රුධිරාණු සෛල උත්තේජනය කරයි. වයිරස විරෝධි බැක්ටීරියා නාශකයකි. කොලෙස්ට්‍රෝල් අඩු කරයි. මෙහිදී නරක කොලෙස්ට්‍රෝල් අඩුකර හොඳ කොලෙස්ට්‍රෝල් වැඩි කරන නිසා හෘදයාබාධ, ආගාතය වැනි රෝග අවදානම පහත හෙළයි.

එසේම දියවැඩියා රෝගීන්ට විරෝධීකාරකයක් වන බැවින් සීනි මට්ටම ස්ථාවර කර දේ. ශරීර අභ්‍යන්තරයේ සිටින විවිධ පණුවන් අන්ත්‍රවලින් පළවා හරී.

මේ ටිකත් මතක තබා ගන්න

ශරීරයට කෙතරම් ගුණදායක වුවද ලබා ගත යුත්තේ නිසි ප්‍රමාණවලිනි.

දිනපතා ආහාරයට ගැනීම වෙනුවට වරින් වර එකතු කර ගැනීමෙන් එහි ප්‍රමිතිය රැක ගත හැකියි.

අධිකව ලබා ගැනීමට වඩා නිසි ප්‍රමාණය ඉතා වැදගත්ය.

මෙය තනිකර ආහාරයට එකතු කරනවාට වඩා කල්පවත්නා ආහාරවලට මිශ්‍ර කිරීමෙන් ප්‍රමිතිය වුවද වෙනස් කර ගත හැකි වේ.

මේ අනුව නිසි මඟ පෙන්වීම හා නිවැරැදි යහ පුරුදු නිසා නොදන්නා බොහෝ පෝෂණ ගුණ සිරුරට ලබා ගත හැකි වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

බෙහෙත් හිඟ කාලෙදී ප්‍රතිශක්තිය වඩවමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 177 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site